gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දෙපැත්තේම නෑදෑයෝ අන්දුන් කුන්දුන් වෙයි..." - මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්!

සිය මනාලිය සමග මධු සමය ගෙවා නිවෙසට එමින් සිටි මනාලයෙකි. 

පොලිස් ජීප් රියක් නිවෙස අසල නතර කැරිණි. මනාලිය කාරයේ සිටිය දී මනාලයා අතුරුදන්විය.

කලින් විවාහවූ බව කියන මේ තරුණයා බිරියගෙන් වෙන්ව වසර කීපයක් කල් ගත කළ බිරිය තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතු ඔහු යළි විවාහයකට ඇතුළත් වීමට තීරණය කළාලූ.

අලූතින් දැන හඳුනාගත් තරුණියක හා යළි පෙමින් වෙළී විවාහයට දින නියම කැර ගත්තාලූ. ඒ අනුව නව මනාලියගේ නිවසේ දී පෝරුවේ චාරිත්‍ර හෙළ සිරිතට සිදුවිය.

යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය. මේ අතර තම විවාහක සැමියා තමන්ගෙන් නිත්‍යනුකූලව වෙන් නොවී යළි විවාහයකට ඇතුළත්වූ බව පළමු බිරිය දැන ගත්තාය.

ඇය මේ බව පොලිසියට පැමිණිලි කළාය. ජෝඩුව දැන් නගරයේ හෝටලයක ඉන්නා බව දැන ගන්නට ලැබුණු බවද ඇය කීවාය. පොලිස් පිරිසක් හෝටලයට යන විටත් ජෝඩුව නිවසට යාමට පිටත්ව ගොසිනි.

පොලිස් රිය නිවස බලා ගමන් කළේ පළමු විවාහක බිරියත් සමගය. පොලිස් රිය නිවසට ළං වෙද්දී ජෝඩුව රියෙන් බසින්නට නැකත එනතුරු බලා සිටියහ.

පොලිස් රියත් එහි තම පළමු බිරියත් සිටිනු දුටු මනාලයා අනෙක් දොර හැර කාරයෙන් බැස දුවන්නට වූයේය.

මනාලියත් මනාලියගේ පාර්ශ්වයෙන් ආ නෑදෑයොත් අන්දුන් කුන්දුන්වූහ. පොලිසිය පළමු බිරියට කරුණු පැහැදිලි කරදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව දැන්වීය.

ටිකවේලාවක් බලා සිටි මනාලියත් නෑයනුත් ආපසු යන්නට හදද්දී එහි ආ මනාලයා නොවඳිනා වැඳුම් වැඳ පිරිස නවත්වාගෙන දිවා ආහාරයෙන් සංග්‍රහකොට පිටත්කර හැරීමට ගත් උත්සාහය අසාර්ථක විය. 

ඔවුන්ගෙන් ඔහුට බඩ කටපුරා කන්නට ලැබිණි. ඒ බත්මාළු නොවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka