gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම කැමැති නෑ ඔයා කලිසම් අඳිනවාට.. ඔය කලිසම් අඳින්නේ කොල්ලෝ.." අලුත ගෙනා මනමාලිට සතියෙන් ගෙදර එපා වෙයි

නව යුවළක් කොහොමත් කැමති සතුටෙන් නිදහසේ කාලය ගෙවන්න.. ඒත් ඒ අවස්ථාව දැන් ඔවුන්ට අහිමි වෙලා..

එයාලා බැඳලා තවම ඒ තරම් කාලයක් නැති වුණත්, දැන් නම් ඒ දෙන්නාට ගෙදර ඉන්න එක නීරස වෙලා.. නව යුවළට කචල් දමා ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවගේ වයස අවුරුදු 85 ක්... තාමත් ඇය නිරෝගී සුවයෙන් වැඩිමල් පිරිමි දරුවාගේ නිවසේ දිවි ගෙවමින් සිටිනවා.. ලේළිය සමග ගෙදර දොරේ වැඩපල කර ගනිමින් දහවල් කාලයට ළිඳෙන් නාගෙන රෙදිපිළි ටික සෝදාගෙන ජීවත් වෙන මෙම වයෝවෘද්ධ කාන්තාවගේ කට නම් එදා වගේම අදටත් සැර පරුෂයි..

මෙම වයෝවෘද්ධ කාන්තාවගේ වැඩිමල් පිරිමි දරුවාගේ මුණුපුරා වූ 28 හැවිරිදි තරුණයා කොළඹ ආයතනයක කෑගල්ල දිස්ත්‍රික්කයේ කාර්යාලයක පරිපාලන නියෝජිතයකු ලෙස කලක සිට සේවය කරනවා.. මෙම තරුණයාගේ කාර්යාලයට දිනපතා ආ ගිය කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචිව සිටින කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 25 හැවිරිදි තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේ ආශීර්වාද මැද විවාහය ලියාපදිංචි කර මනාලයා ඉකුත්දා සිය තරුණ මනාලිය නිවසට කැන්දාගෙන පැමි⁣ණියා..

තරුණයා මනාලිය කැන්දාගෙන නිවසට පැමිණීමෙන් පසුව නිවසේ සිටි මනාල යුවළට උයා පිහා කන්න බොන්න කැමති දේවල් හදා දී ආදරයෙන් කරුණාවෙන් ජීවත්වීමට හොඳ නරක කියා දෙමින් සලකා ඇත්තේ මනාලයාගේ 85 හැවිරිදි මිත්තනියයි..

මංගල්‍යය ⁣උත්සවය වෙනුවෙන් නව යුවළ ගත් නිවාඩු අවසන් වීමෙන් පසුව ඉකුත් දා පෙරවරුවක ලක ලෑස්ති වී නව යුවළ මිත්තනියට මව්පියන්ට වැඳ රැකියාවට යාමට මිදුලට බැස ගත්තා... මනාලිය ඇඳ සිටියේ නිල් ඩෙනිමක් හා ආයතනයෙන් දී තිබුණු කොළ පාට හුරු ටීෂර්ටයක්...

‘‘දුවේ මම කැමැති නෑ ඔය කලිසම් අඳිනවාට. ඔය කලිසම් අඳින්නේ කොල්ලෝ. ගැහැනු ළමයි ගැහැනු ළමයි විදිහට අඳින්න හැසිරෙන්න පුරුදු වෙන්න ඕනෑ. ඔය ළමයා ගෙදර කරපු දේවල් මේ ගෙදර කරන්න ලෑස්ති වෙන්න එපා. මම කැමැති නෑ ඔය ඇඳුම් අඳිනවාට. ගැහැනු ළමයෙක් වුණාම චාම් විදිහට ඇඳුම් පැළඳුම් අඳින්න පලඳින්න පුරුදු වෙන්න වෙනවා.."

‘‘කිරි අම්මේ මෙයා අඳින්නේ ඒ ආයතනය කියලා දීලා තියෙන විදිහට. ඒක කිරි අම්මාට නතර කරන්න බෑ. අනික කොච්චර ලස්සනයි ද බලන්න කෝ කිරි අම්මාගේ මිනිපිරී කලිසමයි ටීෂර්ට් එකයි ඇන්දාම. තරුණයා වයෝවෘද්ධ කාන්තාවට කරුණු කාරණා පැහැදිලි කළා..
වයෝවෘද්ධ කාන්තාවගේ පුතයි ලේළියයි මැදිහත්ව වයෝවෘද්ධ කාන්තාවට කරුණු පැහැදිලි කර දුන්න ද අවසානයේ වැඩක් වූයේ නැහැ.. පසුව තරුණ මනාල යුවළ යතුරුපැදියෙන් එදා රාජකාරියට ගොස් සවස ආපසු නිවසට එද්දී කෑගල්ල ප්‍රදේශයේ අංගසම්පූර්ණ කාමරයක් බලා හදා කුලියට ගත්තා..

එදා සවස නිවසට පැමිණි නව යුවළ කිරි අම්මා සමග ජීවත් විය නොහැකි යැයි පවසා ඇඳුම් පැළඳුම් ගෙන කුලියට ගත් කාමරයට යාමට ත්‍රිරෝද රථයක් ද ගෙන්වා ගත්තා...
නව යුවළ ඇඳුම් පැළඳුම් ත්‍රිරෝද රථයට පටවද්දී මනාලයාගේ මව්පියන් හඬා වැළපෙමින් නව යුවළට නිවසින් බැහැරව නොයන ලෙසත් බැහැරව ගියහොත් අසල්වැසියන් කුමක් කියාවිදැයි නොදන්නා බවත් මනාලයාගේ මව නව යුවළ හමුවේ පැවසුවා..

මිත්තනිය නිවසේ කොනක බිත්තියකට හේත්තු වී දකුණු අත කම්මුලේ තියාගෙන ‘‘අද කාලයේ කොල්ලන්ට කෙල්ලන්ට හොඳ නරක කියලා දෙන්න බෑ.. අපේ කාලයේ නම් නොගැලපෙන ඇඳුමක් ඇන්දා නම් තාත්තා දඬුවම් කරනවා.. අපට ඕනෑ ඕනෑ දේවල් කරන්න දුන්නේ නෑ.. කසාද බඳින්න මනුස්සයෙක් උණත් හොයලා දෙනකම් ඉන්න ඕනෑ යැයි ආවේගශීලීව වයෝවෘද්ධ කාන්තාව පැවසුවා...

මනාලයාගේ මව සකස් කර දුන් කෑම දෙක ගත් නව යුවළ ත්‍රිරෝද රථයට නැග මව්පියන්ට පමණක් අත වනමින් නිවසින් පිටව කුලී කාමරයට පදිංචියට ගොස් ඇති බව වාර්තා වෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka