gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ ජාල, වීඩියෝ ක්‍රීඩා, චිත‍්‍රපට, කොට කලිසම්, සෙරෙප්පු තහනම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලී අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට නරඹීම ඇතුළු ක‍්‍රියාවන්හි යෙදීම තහනම් කර තිබේ.

ඒ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩලය වෙනුවෙන් හඳුන්වා දෙති දී ඇති නව නීති හා මාර්ගෝපදේශ අනුවයි.

මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය හා ක්‍රිකට් විනය වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙනි.

එහිදී ක්‍රීඩක ඇඳුම් පැළඳුම් ගමන් බිමන් හා සමාජ මාධ්‍ය භාවිතය ගැන දැඩි අවධානය යොමු කර තිබේ.

කණ්ඩායමේ ක‍්‍රීඩකයන් ඡායාරූප ගැනීමේදී කමිසය කලිසම හා බ්ලේසරය පැළඳීම අනිවාර්ය කර තිබේ.

තරග වලදී කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම සහ මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථාව වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම පැළඳීම අනිවාර්ය කර ඇති අතර සෙරෙප්පු සහ කොට කලිසම් ඇඳීම තහනම් කිරීමටද කටයුතු කර ඇත.

ක‍්‍රීකට් ආයතනයේ අවසරයක් නැතුව ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සමාජ මාධ්‍ය වෙත අදහස් ලබාදීමද තහනම් කර තිබේ.

පුහුණුවීම් කරන අවස්ථාවේදී ජංගම දුරකථන භාවිතය ද තහනම් කර ඇති අතර සංචාරයන් අතරවාරයේදී ක්‍රීඩක කළමනාකරැවන් හමුවීම හා ඔවුන් කණ්ඩායම් රැස්වීම් සඳහා සම්බන්ධ කරගැනීමට ද සීමා පනවා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka