gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර දිසානායක තමයි මට දේශපාලනයට love එකක් ඇති කළේ – ශේන් සිං

දේශපාලනය තමන්ට අදාළ නොවන කාරණයක් ලෙස සිටියදී තමන්ට දේශපාලනය පිළිබඳව ආදරයක් ඇති වුනේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ අදහස් යැයි මෙරට ප්‍රසාංගිත සංගීතයේ නව පරපුරේ ජනප්‍රිය සංගීතඥයෙකු වන ශේන් සිං ලෙස හඳුන්වන ශේන් ෆ්‍රැනිසිස් කරුණාරත්න පවසයි.

ප්‍රකට යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරන අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ,

“අනුර කුමාර දිසානායක තමයි මට දේශපාලනට ලව් එකක් ඇති කරන්න ප්‍රධානම සාධකය වුනේ. මම දේශපාලනය ගැන එච්චර ලොකු අවබෝදයක් සහ මට ඒක එච්චර අත්‍යාවශ්‍ය කාරණයක් සහ මට දේශපාලනය එපා වෙලා තිබුණේ. එපාවෙලා කියන්නේ දන්නෙත් නැහැ මොකවත්.

ඒ වගේ කාලෙක අනුර කුමාර දිසානායකගේ, මම හිතන්නේ යූ ටියුබ් චැනල් එකේ 38 වෙනි හරි 43 වෙනි හරි සබ්ස්ක්‍රයිබ මම. මම අනුර කුමාර දිසානායකගේ කතා අහන්න දීල තියෙනවා බර සෙට් එකකට. සංගීත් අයියට පවා මම ඉන්දවගෙන අස්සවලා තියෙනවා, අයියේ පට්ට කතාවක්නේ මේ කියන්නේ. ඇත්තනේ මේක. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ගෙදර යන්න ලොකු කාරණාවක් වුනා අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ කතන්දර ටික. හැබැයි ඉතාමත්ම මරු සුපිරි. මේ ක්‍රියාත්මක වෙලා ඉන්න හොරු ටිකයි ඔක්කොම ඇතුළට දාලා ඉවරයක් වෙනවනම් මම දෙනවා ඡන්දෙ අනුර කුමාරට. පුද්ගලයා වැඩක් නැහැ. මේ රට ගොඩදානවානම්, අපේ ළමයින්ටයි මේ රටේ ජීවත් වෙන රටවැසියන්ටයි, අනික් රටවල්වල තියෙන චූන් එක අපිට ගේන්න පුළුවන්නම් වැඩකරනවා, කඩේ යනවා. රට වෙනුවෙන් කඩේ යනවා. හැබැයි කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන සංකල්පයේ මම නැහැ. රටට හොඳ වෙන්න ඕනා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka