gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියුමි හංසමාලිගෙ ආලේපන ගාපු අයට රතු එළියක්... එකවරම කරන්න යන දේ මෙන්න

නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් පවතිනවා.

එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යන බවයි පැවසෙන්නේ.

 රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බවයි.

ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka