gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යටියන්තොට ඛේදවාචකය : අම්මා දැරිය ළිඳට දාලා මරලා!

යටියන්තොට, කිරිපෝරුව වත්ත ප්‍රදේශයේ දී මිය ගිය සිව් හැවිරිදි සිඟිති දැරිය, ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරණය වූ බව රුවන්වැල්ල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ දෙව්මි අමායා නමැති අවුරුදු 4 යි මාස 10 ක් වයසැති සිඟිත්තියකි.

පෙරේදා (17 වැනිදා) එම සිඟිති දැරිය ඇය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

එම අපරාධය සිදුව ඇත්තේ 16 වැනිදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් අතර කාලයේ බවට මේ වන විට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවය. ඝාතනයට ලක්වූ දැරියගේ මව ගොළු කාන්තාවක වන බවත්, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය කියයි. සිඟිති දැරියගේ මරණයට අදාළව මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත දේහය ඥාතීන්ට භාර දීමට කටයුතු කළ බව පොලිසිය පවසයි. මෙම සිඟිති දැරියගේ පියා ඇයවත්, මවවත් වසරකට උඩදී අත්හැර ගොස් ඇතැයි පොලිසිය කියයි. දෙව්මිගේ මවට කතාකළ නොහැකිය. දෙව්මි පෙර පාසල් රැගෙන යෑම සිදුකර ඇත්තේ ඇගේ මිත්තණිය විසිනි. දෙව්මිගේ මව් ඇඟලුම් කම්හලක සේවය කරන අතර, ඇය රැකියාවට ගොස් පැමිණෙන විට රාත්‍රී 11.00 පමණ වන බව පොලිසිය කියයි.

සිද්ධිය වූ දින රාත්‍රියේ ඇය නිවසට පැමිණ ඇය සිය දියණියට පෙර පාසල් යෑමට අවශ්‍ය කළමනා ද සකස් කර නින්දට ගොස් තිබේ. උදෑසන දෙව්මිගේ අත්තම්මා අවදිවී බලනවිට දෙව්මි හා මව් කාමරයේ සිට නැත. පසුව නිවස තුළත් නිවසින් පිටතත් මිත්තණිය සොයා තිබේ. එහිදී දෙව්මිගේ මව සිහිසුන් වී ළිඳ අසලත්, දෙව්මිගේ සිරුර ළිඳෙහි පාවෙමිනුත් තිබෙනු මිත්තණිය දැක ඇත. පසුව මිත්තණිය මේ ගැන අසල්වාසීන්ට ද දැනුවත් කර 1990 සුවසැරිය ගිලන් රථයකින් මව හා දෙව්මි කරවනැල්ල රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී දෙව්මි සිඟිත්තියව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇතැයි පවසා තිබේ.

මේ පිළිබඳව රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇම්.බී. පහලවත්ත සහ වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka