gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරි සිරවූ බිළිඳාව රෝහල් ගේට්ටුවෙන් ආපසු හරවා යවයි – වෙනත් රෝහලක් සොයද්දි කිරිකැටියා මිය යයි

මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන අතරතුර බිළිඳා මියයෑමේ සිද්ධියක් වාර්තා විය.

මාතර දිස්ත්‍රික් නව රෝහලට රැගෙන ආ බිළිඳාව එලෙස භාරගෙන නොතිබුණු බව වාර්තා විය. 
  
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි ඔසඳ ආකිෂ් නමැති මාස 2යි දින 27ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිඳාය. 

පෙරේදා (03) අලුයම් කාලයේදී මෙම දරුවාට කිරි ලබාදී ඇති අතර එහිදී කිරි සිරවීමක් සිදුවී ඇත.

දෙමව්පියන් විසින් ත්‍රීරෝද රථයකින් බිළිඳාව වහාම මාතර කොටවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

මව්පියන් පවසන පරිදි, එහිදී ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගියා භාර ගැනීමට නොහැකි බවත් ඒ මොහොතේ හදිසි ප‍්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත් ය. 

පසුව ගිලන් රථයකින් හෝ වෙනත් රෝහලක් වෙත දරුවා රැගෙන යාම සඳහා රෝහලට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස දෙමව්පියන් පවසා ඇති අතර එයද රෝහල් ආරක්ෂක අංශය වළක්වා තිබේ.

පසුව ඔවුන් කිලෝමීටර් 10ක් පමණ දුර ගෙවා මාතර මහ රෝහල වෙත බිළිඳා රැගෙන ගොස් ඇත.

ඒ වනවිට බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත්තේ විනාඩි 30ට පමණ පෙර රැගෙන ආවේ නම් බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට තිබූ බවය.

බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සවස මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වී ඇත්තේ මෙය කිරි සිරවීමෙන් සිදුවු මරණයක් බවය.

එසේම මෙම මාතර දිස්ත්‍රික් නව රෝහල පිළිබඳව පසුගිය මසද දැඩි කතාබහට ලක්වුණේ එම රෝහලේ උපත ලැබූ දරුවකු අතුරුදන්වීම සම්බන්ධයෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka