gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුවනෙකබා රාජ සභාව කැඩූ කුරුණෑගල නගරාධිපතිගේ සිරදඬුවම අඩුකෙරේ!

කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුගේ සිරදඬුවම් කාලය වසරක් දක්වා අඩුකිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකභා රාජසභා මණ්ඩලය කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනා පත්‍රය හා එම චෝදනා පත්‍රය අනුව කුරුණෑගල මහාධිකරණය විසින් නියම කල සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් විසින් ගොනුකළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.

අභියාචනය අද දින සම්පත් අබේකෝන්, පී.කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka