ඇය තවමත් 26 හැවිරිදි තරුණියක්..
ඇල්ල ප්‍රදේශයට පැමිණ සිටි ෆින්ලන්ත ජාතික තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා..
ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පදිංචි මෙම තරුණිය ජූලි මස 04 වැනිදා ඇල්ල ප්‍රදේශයට සංචාරය කිරීමට පැමිණ ඇති අතර ඇය මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ පසුගිය 08 වැනිදායි..
අන්තර්ජාලය මගින් වැල්ලවාය ප්‍රදේශයේ සෙල්ලබා 11 පාර යාලබෝව පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු වන “බින්දු” නමින් හඳුන්වන සංචාරක මඟපෙන්වන්නාට අයත් නවාතැන්පොළෙන් කාමරයක් වෙන් කරවා ගෙන ඇති අතර, අනතුරුව සංචාරක මග පෙන්වන්නා විසින් ඇය මෝටර් රථයකින් වැල්ලවායට කැඳවාගෙන ගොස් තිබෙනවා..
අනතුරුව ඇය එම ප්‍රදේශයේ ඔහු සමග සංචාරය කර රාත්‍රී නවාතැන් පොළට පැමිණ තිබෙනවා.. ඇය රාත්‍රී නවයට පමණ සැකකරු සමග බියර් සහ අරක්කු පානය කර තිබෙනවා..
අනතුරුව ශරීරය මසාජ්කිරීම සඳහා තෙල් බෝතල් තුනක් සමග පැමිණ සැකකරු ඇය මසාජ් කිරීමට යැයි පවසා ස්ත්‍රී දූෂණයට ලක්කර ඇති බවයි වාර්තා වෙන්නේ..
අතවරයට පත් ෆින්ලන්ත කාන්තාව කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී ලැඟුම්හල් හිමිකරුගේ බිරිඳ පැමිණ ඇයට සහ සැකකරුට කොස්සකින් පහරදී ආරවුලක් ඇති කර ගෙන ඇති අතර, ආරවුල පිළිබඳව පොලිසිය දැනගැනීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වන අතරතුරදී ෆින්ලන්ත කාන්තාව ඇයට වූ අතවරය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.. සිද්ධියට සම්බන්ධ 41 හැවිරිදි සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.. අදාල සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..