යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවසේ නාන කාමරය තුළ කැමරා පද්ධතියක් සවිකොට බිරියගේ නැගණියගේ හා තවත් තරුණ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නැරඹීම හේතුවෙන් එම වෛද්‍යවරයාට පහර දුන් බිරිය ඔහුව පෙරේදා (13 ) නිවසින් එලවා දමා තිබේ.
එදිනම එම කාන්තාව යාපනයේ නීතිඥවරයෙකු හමු වී අදාල වෛද්‍යවරයාගෙන් දික්කසාද වීම සඳහා අවශ්‍ය පියවරද ගෙන ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරණ මෙම වෛද්‍යවරයා යාපනය තිරුණවේලී ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර එහි බිරියගේ මව නැගණිය හා තවත් තරුණ වෛද්‍යවරියක් ජීවත් වී තිබේ.
බොහෝ කලක සිට සිය ස්වාමියාගෙන් විශාල වෙනසක් බිරියට දක්නට ලැබුණු නිසා ඇය ඔහු කෙරෙහි දැඩි විපරමෙන් සිට ඇත.
දිනක් නාන කාමරයේ ජල නල පද්ධතියේ වූ දෝෂයක් නිවැරදි කර ගැනීම පිණිස බිරිය විසින් ජල නල කාර්මිකයෙකු කැඳවා ඔහුට දෝෂ ගැන ප්‍රකාශ කොට තිබේ.
නාන කමරයේ ජල නල දෙකක් කැඩී ගොස් තිබූ නිසා කාර්මිකයා එම නල දෙක ගැලවීමේදී ඒ තුළ කැමරා දෙකක් සවිකොට ඇති බව දැක නිවසේ කාන්තාවට ඒ බව ප්‍රකාශ කොට ඇත.
කාන්තාව සැමියාගෙන් ඒ බව ප්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඇයගේ නැගණියගේ හා තරුණ වෛද්‍යවරියගේ නිරුවත් දර්ශන රැසක් නාන කාමරයට සවි කරණ ලද කැමරාව ඔස්සේ ලබා ගෙන ජංගම දුරකතනයේ සටහන් කරගෙන සිටියදී බිරියට හමු වී තිබේ.
ඒ අවථාවේදීම බිරිය වෛද්‍යවරයාට පහර දී නිවසින් එලවා දමා ඇති අතර බිරිය වෛද්‍යවරයාගෙන් දික්කසාද වීමට සියලු කටයුතු යොදා ඇත.
නිවසින් එලියට දැමූ වෛද්‍යවරයා මිතුරෙකුගේ කාමරයක සිටින බව දැනගත් කාන්තාව එම නිවසට ගොස් වෛද්‍යවරයා කළ ක්‍රියාව ඔහුටද පවසා ඔහුව නිවසින් එලියට දමන ලෙස දණුම් දී තිබේ.
මේ වන විට එම වෛද්‍යවරයා දින කීපයක් නිවාඩු ලබා ගෙන යාපනය ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව වාර්තාවේ.
දිනසේන රතුගමගේ