gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම මටම දාගත්ත සීමාවන් නිසා ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන්නේ” – දිනුකි අතපත්තු

සුරූපී රංගන ශිල්පිනියක් වන දිනුකි අතපත්තු රංගන ක්ෂේත්‍රයට එන්නේ තරංග දිසානායකගේ පළමු අධ්‍යක්ෂණය වන ‘හිච්චි’ ටෙලි නාට්‍යයේ අරුණ්‍යාගේ චරිතය හරහායි.

මේ දිනවල ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වෙන දිනුකි අතපත්තු සමඟ පුවත්පතක කළ කතාබහක් මෙසේයි.

මුල්ම රංගනයට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද සහ මුල්ම අත්දැකීම් කොහොමද?

මගේ ගැන තරංග සහ රවී අයියට කියලා තිබ්බේ මිලින්ද මඩුගල්ල අයියා. ඒ හරහා තමා මට ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වේ. එදා ස්ක්‍රීන් ටෙස්ට් දෙකකින් තේරිලා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මුලින්ම නම් පුදුම බයක් තිබ්බේ. තරංග අයියා සහ රවී අයියා එක්ක වැඩ කරද්දී තමයි තේරුණේ මගේ වාසනාවකට මට මුලින්ම ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබුණේ කියලා. කොහොමත් සෙට් එක ඇතුළේ අපි ඉන්නේ යාළුවෝ වගේ. ඒක මට හරිම පහසුවක් වුණා රඟපාන්න.

දිගටම රඟපාන්න ද කැමැත්ත?

ඔව්, අනිවාර්යයෙන්ම. මොකද රඟපාන්න එන්න ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්නවා. ඒත් අවස්ථාව ලැබෙන්නේ අතළොස්සකට. එහෙම ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඉස්සරහට යන්න තමයි දැන් නම් මගේ බලාපොරොත්තුව.

චරිතවලදි සීමාවන් තියෙනවා ද?

ඔව්. නිළියක් වුණාම ඕනෙම චරිතයක් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒත් මම මටම දාගත්ත සීමාවන් තියෙනවා. මම මියුසික් වීඩියෝ කරලා තියෙන්නේ එකයි. ඒ මම හරිම ආස ගායකයෙක් සහ ඒ පිටපතට මම ආස නිසා. මම මටම දා ගත්ත සීමාවන් නිසා ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන්නේ.

චරිතයක් භාර ගන්න කලින් මුලින්ම බලන්නෙ මොනවද?

මුලින්ම නම් බලන්නේ මට ඒ චරිතයට පණ පොවන්න පුළුවන් ද කියන එක. අවස්ථාව ලැබුණු නිසා භාරගෙන මට ඒ චරිතය හරියට කරන්න බැරිවුණොත් මම ෆේල්. ඒ නිසා මූලිකව බලන්නේ මට ඒ චරිතයට කොයිතරම් සාධාරණයක් කරන්න පුළුවන් ද කියන එක.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ අම්මා අප්පච්චි අක්කා ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මගේ අම්මා හැමදාම මාත් එක්ක ෂූටින් එනවා. මම කමර්ෂල් එකක හෝ මොඩ්ලින් වැඩකට ගියත් අම්මා මා එක්කම ඉන්නවා. ඒ නිසා මම හින්දා මගෙ අම්මත් ලොකු කට්ටක් කනවා. මම අද තැනක ඉන්නවා නම් එ්කේ සම්පූර්ණ අයිතිය යන්නේ අම්මටයි අප්පච්චිටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka