ගෙවුණු සතියේ ඇහුණු කතාවල උණුසුම තවමත් පහව ගිහින් නෑ.
එහෙම කියනකොට ම ඔබට සිහියට නැඟෙනවා ඇති, මොකක්ද කතාව විත්තිය.
'ක්ලබ් වසන්ත ඝාතන' සිදුවීම, තවමත් පුවත් මැවෙන කාගෙත් කුතුහලය අවුස්සනසුළු සිදුවීමක් බව ඔබ හොඳාකාරවම දන්නවා.
ඒත් එක්කම අහන්න ලැබුණු අනෙක් අවාසනාවන්ත කාරණාව වුණේ ජනප්රිය ගායන ශිල්පිනි කේ. සුජීවාගේ කකුලකට වෙඩි වැදීමත්, ඇයගේ සැමියාගේ දිවි අහිමි වීමත් යන කාරණය.
මේ ඛේදවාචකය අහන්න ලැබිලා අදට (15) සතියක්.
එයාකාරයෙන් සතියකට ඉහත වුණු ඒ අවාසනාවන්ත සිදුවීම ආවර්ජනය කෙරෙන සටහනක් සුජීවාගේ දියණිය, අංජලීගේ මුහුණු පොතෙන් දකින්න ලැබුණා.
''සතියක් ගිය ඉක්මන !'' යන හිසින් යුතුව ඇය මතක සේයා රූ සටහනකුත් ඊට එක්කාසු කරගෙන තිබුණා.