gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම් සබඳතාවකුත් නෑ.. මත්ද්‍රව්‍ය පානය කරලාත් නෑ... – අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න සිසුවිය සහ සිසුවා අභිරහසක් වෙයි

තම පාසල් මිතුරා ද සමග කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාසයක 67 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගත් බවට සැකකරන 15 හැවිරිදි ශිෂ්‍යයාව මීට පෙර අවස්ථාවකදී ද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යයා දිවි හානිකර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යා අතර ප්‍රේමසම්බන්ධයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැත. මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කළ බවට සාක්ෂියක්ද මෙතෙක් ඉදිරිපත්ව නැති බව පොලිසිය පවසයි.

එහෙත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා බිමට පැන්න 67 වැනි මහලේ බැල්කනියේ තිබී ඔවුන් දෙදෙනාගේ සපත්තු යුගල, මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ ඩන්හිල් සිගරැට් පැකැට්ටුවක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙසේ සියදිවි හානිකරගත් බවට සැකකරන ශිෂ්‍යයා සහ ශිෂ්‍යයාව වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මොවුන් කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇත.

ඉමාම් නමැති පාකිස්තානු ජාතික ශිෂ්‍යයකු මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යයා අධ්‍යාපනය ලැබූ පන්තියේ ඔවුන් සමග එකට සිට ඇත. ඉමාම් නමැති ශිෂ්‍යාගේ පියාට අයත් සුපිරි නිවසක් කොම්පඤ්ඤවීදිය සුපිරි මහල් නිවාසයේ තිබී ඇති අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ එම නිවසේය. ඉමාම්ගේ හිතවත්කම මත දිවි හානිකර ගත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා නිතර නිතර මෙම සුපිරි මහල් නිවාසය වෙත පැමිණ ඇත.

එම මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරීන්ට ඉමාම් පවසා ඇත්තේ තම මිතුරන් පැමිණියහොත් ඔවුන්ට මහල් නිවාසයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙසයි. ඒ අනුව පෙරේදා (02දා) සවස පාසල නිමවී මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා ත්‍රීරෝද රථයකින් මහල් නිවාසය වෙත පැමිණ තිබේ. ඔවුන් මහල් නිවාසයේ පස්වැනි මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකාගාරය වෙත ගොස් පාසල් නිල ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳගෙන විදුලි සෝපානයෙන් 67 වැනි මහල වෙත ගොස් තිබේ. ඉමාම් පදිංචි නිවස තිබී ඇත්තේ 65 වැනි මහලේය.

එහිදී මොවුන් තමන් සතුව තිබූ සියලු භාණ්ඩ බැල්කනියේ තබා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසයි. ඔවුන්ගේ සිරුරු මහල් නිවාසයේ තුන්වැනි මහලේ බිම වැටී තිබී පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

මෙම සිද්ධිය වූ දින මරුමුවට පත්වූ ශිෂ්‍යයාව, ඇය අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් ඉවත් කර තිබූ බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති කපිල විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka