gossip lanka

ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් වුණේ වනිඳුගේ තීරණ මතද..? චාමික - වනිඳු කෝන්තරය ගැන කවුරුත් නොදත් කතාවක් එළියට!

ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂකයින් වගේම අනිත් හැම කෙනෙක්ම මේ දේවල් ගැන ගොඩක් උනන්දු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වෙන නිසා කියලා කියන්න පුළුවන්..

ඒත් එහෙම වෙන්නේ අංශ කීපයකම බලපෑම් නිසා කියලා කියන්න පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. ශ්‍රී ලංකා කණ්ඩායම එක පිට එක අසාර්ථකවීමත් එක්ක ඒ හැම කතාවක්ම දැන් එළියට එනවා..

සංචිතයට ක්‍රීඩකයින් තෝරන්නේ කාගේ වුවමනාවටද..? ඒ වගේමයි, මේ හැමදේකම වගකීම එක් පුද්ගලයෙකුට භාරගන්න වෙලාද..? ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාර්‍යභාරය ඔවුන් හරියට ඉටු කළාද..?

මේ ගැන මේ දවස්වල ගොඩක්ම කතා පළවෙන්නේ මුහුණුපොත ඇතුළේ.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ සටහනක පළවුණ කතාවක්... මේ කතාව වටා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ නම් කියවෙනවා...

එක්කෙනෙක් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීමවල තම රඳවා ගත්ත වනිඳු හසරංගයි.. අනිත් ක්‍රීඩකයා පිටියේ ආන්දෝලනාත්මක චරිතයක් වුණ චාමික කරුණාරත්නයි.. මේ දෙදෙනාගේ කෝන්තරයක් තිබුණාද..? මේ ඒ ගැන පළවුණ සටහනයි...

"මා හිතන්නේ මේ කතාව ලිවීමට හොඳම දිනය අදයි.
තේරීම් කමිටුව විසින් නම් කළ ලෝක කුසලාන මුල් සංචිතයට නායක වනිඳු හසරංගගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
එහි සිටි එක්තරා ක්‍රීඩකයෙකු ඉවත් කිරීමට නායක වනිඳුට අවශ්‍ය විය.
වනිඳුගේ ඉල්ලීම කොතරම් ප්‍රබල ද යත්, එම ක්‍රීඩකයා ඉවත් නොකරන්නට තමන් ලෝක කුසලානයට සහභාගී නොවන බව වනිඳු කීවේය.
ඒ අනුව උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව වනිඳු ඉදිරියේ අඩියක් පස්සට ගොස්, එම ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කළේය.
මේ බව මා එදිනම ලීවේය.
පසුව ශ්‍රී ලංකාවෙන් පිටත් වෙද්දී වනිඳු තේරිම් කමිටුවට ස්තූති කරමින් තමන්ට අවශ්‍ය වූ කණ්ඩායම සමග ලෝක කුසලානයට යන බවට විශේෂයෙන් සඳහන් කළේය.
එයට හේතු වූයේ ඉහත සිදුවීමයි.
ඉන්පසුව රූපවාහිනි වැඩසටහනක දී මාවන් අතපත්තු යළිත් එම කතාව තහවුරු කළේය.
කෙසේවෙතත් මෙතෙක් කවුරුත් නොකියූ කතාව නම් එම ක්‍රීඩකයා කවුරුන්ද යන්නයි.
එම ක්‍රීඩකයා චාමික කරුණාරත්නයි.
තේරීම් කමිටුව විසින් නම් කළ මුල් සංචිතයට චාමික කරුණාරත්න නම් කර තිබුණි.
නමුත් ඔහු ඉවත් කරන ලෙසට නායක වනිඳුගෙන් දැඩි බලපෑමක් එල්ල විය.
චාමික ඉවත් කරන්නැයි වනිඳු සිදුකළ ඉල්ලීමට හේතුව ක්‍රිකට් ගැටලුවක් නොවේ.
සාමාන්‍යයෙන් නායකයෙකු ක්‍රීඩකයෙකු ඉල්ලා සිටින්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රිකට් ගැටලු මුල් කරගෙනය.
නායකයෙකුට සිය සැලසුම් වලට අවශ්‍යම ක්‍රීඩකයෙකු ඇත්නම් ඔහු තේරීම් කමිටුවෙන්, එම ක්‍රීඩකයා ඉල්ලා සිටියි.
ඉතාම කලාතුරකින් තමන් නිරීක්ෂණය කරනා පරිදි සිය සැලසුමට නොගැලපෙන හෝ අසාර්ථක විය හැකි ක්‍රීඩකයෙකු සිටි නම් ඉවත් කරන මෙන් ඉල්ලා සිටියි.
බොහෝ දුරට ඒවා සාකච්ඡා මට්ටමින් අවසන් වන සුහඳ ඉල්ලීම් මිසෙක බරපතල විරෝධයන් නොවේ.
එනමුත් වනිඳුගෙන් චාමික කරුණාරත්නට එල්ල වූයේ බරපතල විරෝධයකි.
එහි මූල බීජය ක්‍රිකට් ගැටලුවක් ද නොවේ.
වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න අතර පුද්ගලික කරුණක් උදෙසා විරසකයක් පවතින බව කියවේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති, අතිශය පුද්ගලික ගැටලුවකි.
වනිඳු විසින් චාමික ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඒ පුද්ගලික කෝන්තරයයි.
වනිඳු තේරීම් කමිටුවෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ චාමික කරුණාරත්න ඉවත් කරන ලෙසත්, එසේත් නොමැතිනම් තමන් ලෝක කුසලානයට සහභාගී නොවන බවත්ය.
ඒ සඳහා හේතු වශයෙන් චාමික ආවේගශීලි යැයි ද, ඔහු පාලනය කර ගැනීමට අපහසු යැයි ද වනිඳු තේරිම් කමිටුවට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් එම ඉල්ලීමට පදනම් වූ සත්‍ය හේතුව පුද්ගලික අමනාපයකි.
එසේත් නොමැතිව ක්‍රීඩකයෙකු පාලනය කර ගත නොහැකි තරම් වනිඳු දුර්වල නැත.
එතරම් දුර්වල නම් ඔහු නායකත්වයට සුදුසු ද නැත.
කෙසේ වෙතත් නායකයා වශයෙන් වනිඳු සිය බලය භාවිතා කිරීමේ වරදක් අප දකින්නේ නැත.
එනමුත් ඔහු විසින් එම බලය භාවිතා කළා නම්, ඔහුට අනවශ්‍ය ක්‍රීඩකයින් ඉවත් කළා නම්, ප්‍රතිඵලයේ වගකීමත් ඔහු සතුය.
ලෝක කුසලානයට ක්‍රීඩා කළේ වනිඳුට අවශ්‍ය කණ්ඩායමයි.
වනිඳුට අනවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමෙන් හැලී ගියේය.
ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතර සිටීමට තරම් විභවයක් තිබූ කණ්ඩායමක් අද නොනිල වශයෙන් ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවත් විය.
දැන් එහි වගකීම වනිඳු වෙත පැවරී තිබේ.
පැහැදිලිවම නායක වනිඳු හසරංග පරාජයේ වගකීමේ වැඩි කොටසක් භාරගත යුතුය."
gossip lanka