gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක් - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක!

පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක් බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතාගේ නියෝගයකට අනුවයි.

එමෙන්ම වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් ද නියම කර තිබෙනවා.

මෙම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිසේ අවවාද කිරීමට ද මහේස්ත්‍රාත් නියෝග කර ඇත.

මේ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ, මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.

ඇය සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවා ඇති බවත්, සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ නිරුවත් දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka