gossip lanka

එංගලන්තයට යන්න ගිය තරුණියට, මූණ වෙනස් කරගෙන එන්න අමතක වෙලා... අන්තිමට වුණ දේ මෙන්න

කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් රාජධානිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක සහ ඇයට මෙම ගුවන් ගමන සදහා සහාය වෙමින් සිටි තැරැව්කරුවෙකු ද කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඔවුන් 06/15 දින රාත්‍රී 08.25 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා විගමන සේවා කවුළුව වෙත පැමිණ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය ඇයගේ නොවන බව නිරීක්ෂණය වීම නිසා ඇය ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

එම නිලධාරීවරයා ඇය සමග ඇයගේ සියලුම ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී වෙනත් කාන්තාවකගේ ගමන් බලපත්‍රයකට මෙම තරුණියගේ තොරතුරු ඇතුළත් කර කුඨ ලෙස මෙම ගමන් බලපත්‍රය සකස් කර ඇති බව තහවුරු වී තිබේ.

මෙහිදී මෙම තරුණිය සමග එක්සත් රාජධානියේ ගමන් බලපත්‍රයක් හිමි මොනිපායි ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු ද ගුවන් තොටු පොළ වෙත පැමිණ තිබූ අතර, ඔහු මෙම තරුණිය එක්සත් රාජධානිය වෙත රැගෙන යාමේ තැරැව්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඔහු ද ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
gossip lanka