gossip lanka

මුදල් පසුපස හඹා ගිය සුරූපී තරුණිය සෙල්ලක්කාරයෙකුට රැවටෙද්දී ඇගේ පිටුපස ආ සැබෑ ආදරය මිතුරෙකු ලෙස ඇයට කළ උපකාරය ඇත්තටම පුදුම‍යක්.. උඩඟු තරුණියකට අත්වූ කඳුළු ඉරණම මෙන්න..

ඇය කවදත් සෝබන ජීවිතයක් ගත කරන්න ආස කරපු තරුණියක්..

ලොකු ලොකු ගෙවල්, සල්ලි, මිල මුදල්වලට කෑදරකමින් ඉන්න මේ තරුණිය විවාහ වීම සඳහා හෙව්වේද සල්ලිකාර තරුණයෙක්..

රත්නපුර පැත්තෙන් ඇසෙන මේ කතාවේ තවත් නොසිතූ පැත්තක් තිබුණා.. මේ කතාවට මුල පුරන තරුණිය තරමක් සුන්දර තරුණියක්.. ඇගේ මිතුරියන් ඊටත් වඩා සුරූපී අය වුණා... කොහොම වුණත් නීශා නම් වූ මෙකී තරුණියට දිනක් රත්නපුර පැත්තේම පතලක රැකියාවකට ආව තරුණයෙක් ඔහුගේ හිතේ තිබූ කාරණයක් ගැන ඇයට කියන්නට වුණා.. කතාව ආදර යෝජනාවක් බවට හැරෙද්දී ඇය එක වරම කියා සිටියේ, ඔහු වැනි පුද්ගල‍යෙක් විවාහ කරගැනීමට ඇය කිසි කලක අදහස් නොකළ බවයි..

කොහොම වුණත්, කාලය ගත වෙද්දී ඇය සෙවූ පරිදි ධනවත් පුද්ගලයෙක් සමග නීශා ආදරයෙන් බැඳුනා.. එහෙත් ඇයට අත්වුණෙ කවුරුත් නොසිතූ ඉරණමක්... බොරු සෝබන හා මිතුරන්ගේ වාහන පෙන්වා ඇය රවටා විවාහ කර ගත් ඔහු තදින් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයක්... ඇය මේ බව දැනගන්නේ ඇය ඔහු අතින් අනාථ වී දරුවකු ලැබෙන්නට සිටින අවදියේදීයි...

කරන්නට කිසිවක් නොමැතිව ඔහු සමග විවාහ වූවත් ඇය ගෙව්වේ නීරස ජීවිතයක්... ඇය කෑමවලට වඩා ඔහුගෙන් ගුටි කා තිබෙනවා...
ඇය මේ පිළිබඳව ඇයගේ ළඟම මිතුරියට පවසා ඇති අතර ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඇයට රැකියාවක් සොයා දෙන ලෙසයි...

තමන් විවාහ වීමට යන පුද්ගලයාගේ ආයතන කිහිපයක් තිබෙන බවත් එයින් රැකියාවක් ලබාදීමට හැකි බවත් ඔහු මවුපියන් බැලීමට ගෙදර එන අවස්ථාවේ ඇයට ආරාධනා කර ඇත්තේ ඔහු හඳුන්වා දීමටයි..

නියමිත දිනයේ ඇය දරුවා ද රැගෙන සිය හොඳම මිතුරියගේ නිවසට ගොස් ඇත්තේ ඔහු හමු වී රැකියාව ලබා ගැනීමටයි.. එහෙත් සිදුවුණේ ඇයට කිසි දිනක අදහා ගන්න බැරි දෙයක්.. නවීන පන්නයේ වාහනයකින් කඩවසම්ව ඇඳ සිය මිතුරිය බැලීමට පැමිණෙන්නේ තමන් පසුපස ආදරය ඉල්ලා පැමිණ තමන් අපහාස කළ තරුණයා බව දැක ඇයට ඇති වුණේ ලැජ්ජාවක්..

නීශා කිසිවක් කර කියාගත නොහැකිව මිතුරිය සමග ඔහු පිළිබඳව ඔහුව නොදන්නා පරිද්දෙන් විමසා ඇත්තේ ඔහු ඇය පසුපස ඇයගේ ආදරය ඉල්ලා පැමිණි බව ඇයට වසන් කරමින්.. මිතුරිය ඇයට පවසා ඇත්තේ ඔහු කලින් ඉතා දුප්පත් කෙනෙකු බවත් පියා මියගොස් මව සමග ජීවත් වන අතර මැණික් පතල්වලින් ලාබ ලබා ටිකෙන් ටික ඉහළට ගොස් ඔහු දැන් මැණික් ව්‍යාපාරිකයකු බවයි..

එමෙන්ම ඔහුට අයත් ආයතන කිහිපයක් තිබෙන අතර එයින් රැකියාවක් ඇයට දීමට හැකි බවයි.. වදෙන් මෙන් ඔහු අසලට ගොස් ඇයව ඔහුට හඳුන්වා දුන් මිතුරිය ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් දෙන ලෙස ඉල්ලා ඇති අතර, මේ කලින් තමන් ආදරය ඉල්ලා පසුපස ගොස් නින්දා අපහස සිදු කළ තරුණිය බව ඔහු හඳුනා ගත්තද ඒ බව අමතක කර ඔහු ඇයට රැකියාවක් දීමට හැකි බව පවසා තිබුණා...

කියූ ලෙසම ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් ලබා දීමට කටයුතු කළ ඔහු අනෙකුත් සේවකයන්ට වඩා ඉහළ වැටුපක් ද දීමට කටයුතු කර ඇති අතර ඇයගේ මිතුරිය හා විවාහ වීමේ උත්සවයට ඇයට ආරාධනා කිරීමට තරම් ඔහු කාරුණික මිනිසෙකු වුණා.. 
gossip lanka