gossip lanka

“මම ෂූටින් ගියහම හස්බන් වටේට කෝල් කර කර මං ගැන හොයන්නෑ… මට දැන් ළමයි තුන්දෙනෙක් ඉන්නවා..” - රාජිකා

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණය රාජකා කියන චරිතයට කොයි කවුරුත් ආදරය කරනවා. මේ චරිතය කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.ඇය මීට පෙරත්, විවිධ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තත් බොහෝ සෙයින් ප්‍රසිදු වුණේ ළලයි ලිලයි ලයි කියන ටෙලි නිර්මාණය නිසයි.

ඇයවත් හිතලා නෑ මේ ටෙලි නිර්මාණයට මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.ඒ වගේම තමයි  ඇය කලකට ඉහතදී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දි ඇය ආදරණීය දරුවන් තිදෙනෙකුගේ මවක්.

ඒ සියලු දේවල් එක්ක කලා කටයුතු කර ගනිද්දී ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද කියලා අහපු අවස්ථාවකදී ඇය විශේෂයෙන්ම සඳහන් කළේ මේ වගේ දෙයක්.

“මගේ හස්බන්ඩ්ගෙන් සීයට සීයක්ම සහයෝගය ලැබෙනවා. මගේ දරුවෝ තුන්දෙනත් හරිම ස්වාධීන චරිත තුනක්. එයාලගෙන් වුණත් කිසිම කරදරයක් නැහැ. මම ෂූටින් යන දවසට මගේ මහත්තයා තමයි දරුවන්ගේ වැඩ ඔක්කොම කරන්නේ. එයා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් සහ ඉවෙන්ට්ස් කරන්නේ. ඔහු කලාවේ වැඩ නොකළත් මම ගොඩක් වෙලාවට ඔහු එක්ක යන නිසා කලා ලොවේ ගොඩක් අයව දන්නවා. මෙතැනදී ලැබෙන සහයෝගයට වඩා වටින්නේ එයා මා කෙරෙහි තියලා තියෙන විශ්වාසය. විශ්වාසය නිසයි මනස නිදහස්ව මේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සමහර ලොකේෂන්වල සිග්නල් නැහැ. එතකොට එයා වටේටම කෝල් කරලා මාව හොයන්නේ නැහැ. මට ඒ පැත්තෙන් ගත්තත් සීයට සීයක්ම නිදහස තියෙනවා.”
gossip lanka