gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙහෙමත් අත්තම්මලා ඉන්නවනෙ අම්මපාහ්.. මිනිපිරියට බලු පිඟානේම කන්න දීලා අත්තම්මා නැවතුන තැන!

වයස අවුරුදු 14 ක දැරියක් කුඩා කාලයේ සිටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඇති දැඩිව සිය වයෝවෘද්ධ කිරි අම්මාගේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිවෙසට පැමිණ තිබෙනවා.

එම දැරිය මවුපියන් නොමැති වීම නිසා මෙලෙස ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැදී වැඩී ඇත්තේ.

එලෙස කිරි අම්මාගේ නිවසට පැමිණි අවස්ථාවේ එම දැරියට නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට ඇයට කෑම බෙදා දුන්නේ යැයි තොරතුරු වාර්තා වේ.

ඒ බව කියන සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ කිරි අම්මා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ ය.

එම කිරි අම්මා සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දී එම කෑම කන ලෙස පවසා අසභ්‍ය වචනයෙන් තදබල ලෙස බැණ වැදී ඇයට නිවෙසින් වහාම පිටව යන ලෙසට බැණ වැදුණු බව ද සඳහන් වේ.

සිය අවුරුදු 14 ක් වයස මිනිබිරියට කෲරත්වයෙන් සැලකුවේ යැයි කියන චෝදනාව යටතේ 73 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම දැරියට වැඩිමල් සහෝදරයකු ද සිටින බව සඳහන් වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka