gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුලියාපිටිය පන්සලක චීවරධාරියෙක් සාමනේර හිමිවරුන් දෙනමට බරපතල ලිංගික අපරාධයක් කරලා … හිමිවරු දෙනම රෝහලේ….

චීවරධාරියෙක් විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජන සිදු කර සිවුරු ගලවා එලවා දමා ඇතැයි කියන සාමණේර හිමිවරුන් දෙනමක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කෑගල්ල පොලිසිය ඊයේ (10) පැවසීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 08 ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි කෑගල්ල පොලිස් වසමේ මොළගොඩ ප්‍රදේශයේ උපන් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනමකි.

මෙම  සාමණේර හිමිවරුන් දෙනම ගෙන් එක් නමකගේ මවුපියන් අන්ත අසරණ බවත් මව කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් පොලිසිය පැවසීය.

සාමණේර හිමියන්ගේ වැඩිමහල් සහෝදරිය විවාහ වී ඇති බවත් විවාහ වූ තරුණායාගේ 11 හැවිරිදි සහෝදරයා සමඟ මීට වසරකට පමණ ඉහතදී කුලියාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී දෙදෙනා සසුන් ගත කර ඇති බවත් පොලිසිය පැවසීය.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන තරුණ හිමිනමක් ඉකුත් දින කිහිපය තුළ දී බරපතළ ලිංගික අපයෝජනයක් සාමණේර හිමිවරුන් දෙනමට සිදු කර ඇති බවත්, පසුව හිමිවරු දෙනම ඉවසා දරා ගත නොහැකි තැන අසල නිවසකට ගොස් දුරකතනයෙන් මවුපියන්ට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව පියා පෙරේදා (09) කුලියාපිටිය විහාරස්ථානයට ගොස් 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙදෙනා ආපසු නි‍වසට රැගෙන ඒමට ගිය අවස්ථාවේදී සැකකාර තරුණ හිමිනම සාමණේර හිමිවරුන් දෙනමගේ සිවුරු ගලවා දමා පහර දීමක් සිදු කර තිබේ.


පසුව පියා 11 හැවිරිදි සාමණේර හිමිවරුන් දෙනම රැගෙන කෑගල්ලට පැමිණ කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

සාමණේර හිමිවරුන් දෙනමට බරපතළ ලිංගික අපයෝජන සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය හිමිවරුන් දෙනමගේ ප්‍රකාශ ගෙන කුලියාපිටිය පොලිසියට භාර දෙන ලද බව කෑගල්ල පොලිසිය පැවසීය. ( දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka