gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කෑ ගහන්න එපා.. අපි මේක අතටම අහු කරගෙන ඊට පස්සේ කතා කරමු.." සැමියාගේ අනියම් පෙම අල්ලන්න බිරිඳත් එක්ක දුව පුතා කළ දේ මෙන්න

නිවසේ සිටින විට මවගේ හා පියාගේ ජංගම දුරකථනයන් ගැනීම දරු දෙදෙනාගේ විනෝදාංශයක්... 

ඔවුහු වයසින් බාල වුවත් මව හා පියාට වඩා දුරකථන පිළිබඳව මනා දැනුමක් ඇති අය වුණා.. රැකියාවට යන පියා අනියම් පෙමක පැටලෙන බව දරු දෙදෙනාට වැටහුණේ මෙන්න මේ නිසා.. ඉතින් මේ ගැන අම්මාට කොහොමද කියන්නේ...?

ඔවුන් දෙදෙනා හැම වෙලාවකම මෙන්න මේ නිසා හිටියේ දෙගිඩියාවකින්.. මේ කෙටි පණිවිඩ සංවාද දරුවන් දෙදෙනා බැලිවත් මවට එවැන්නක් බැලීමට හෝ දැනුමක් නැති බව දරුවන් දෙදෙනා දැන සිටියා..

කොහොමහරි දරුවන් මේ ගැන අම්මාට කීවා.. ඒ මොහොතේ අතිශ්‍යය කලබලකාරී වුණ මව පසුව සැමියා නිවසේ නැති වෙලේ මෙය අල්ලා ගන්න සැකසුමක් සූදානම් කළා..

"කෑ ගහන්න එපා. අපි මේක අතටම අහු කරගෙන ඊට පස්සේ කතා කරමු.." දරු දෙදෙනා අම්මාට උපදෙස් දුන්නා..
එම කතගේ දුරකථන අංකය විසන්ධි කළ අම්මා ඒ නාමයට අම්මාගේ අංකය සම්බන්ධ කළා..
කිසිවක් නොදත් පියා නිවසට පැමිණියා.. රාත්‍රි ආහාරය ගත් ඔහු පිටත ඇති කාමරයට නින්දට ගියා.. පුතා දුව හා මව ඇතුළත කාමරවල සිටියා..
ටික වේලාවකට පසුව අම්මාගේ දුරකථනය නාද වුණා.. ශබ්දය පිටතට ඇසෙන්නට නොඇසෙන ලෙසට පුතු මවගේ දුරකථනය සකසා දී තිබුණා..
කතා කරන්නේ ඇගේ සැමියායි... ඒ කතා කරන්නේ අනියම් කතටයි... පුතා පහදා දුන්නා..
මව කාන්තා විලාසයෙන් හෙමින් හෙමින් එයට පිළිතුරු දුන්නා..
ගතවූවේ නිමේෂයකි.. මවට යක්ෂයා ආරූඪ වූවා.. ඇය ඉදිරි දොර ඇරගෙන කාමරයට කඩා පැන්නා..

එය පිළිගත නොහැකි ලෙසට සූදානම්වීමට ඔහු උත්සාහ කරන අතරවාරයේ එම සංවාදය පටිගත වෙන ලෙසට දරුවන් සකසා දුන් හඬපටය ඒ සැණින් ඔහුට ඇසීමට සැලැස්වූවා..

ඉන් ලැජ්ජාවට පත් ඔහු මවගෙන් හා දරුවන්ගෙන් සමාව ඇයද සිටිනා අතරේ එම අනියම් කතගේ ජංගම දුරකථන අංකය අමතා මව හා දරුවන් ඇයට කන්වල ඇඟිලි ගසා ගන්නටම කතා කර පසු ඒ හැම කතාවක්ම එතනින්ම අවසන් වී තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka