gossip lanka

පිටසක්වල ජීවීන් අප අතරම සිටින බව හාවඩ් පර්යේෂකයන් කියයි

හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂකයන් පිරිසක් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පිටසක්වල ජීවීන් අප අතරම, බොහෝ විට පොළොව යට හෝ සඳ මත ජීවත් වීමට හැකියාව තිබෙන බවයි.

තවම සම-සමාලෝචනය කර නොමැති එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ හඳුනා නොගත් පියාසර වස්තූන් (UFOs) ලෙස ඇතැම් අවස්ථාවල ඇස ගැටුනු යානා පිටසක්වල ජීවීන් විසින් පෘථිවියේ වෙසෙන ඔවුන්ගේ පිටසක්වල මිතුරන් හමුවීමට පැමිණෙන පිටසක්වල යානා විය හැකි බවයි.

එසේම එම හඳුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වල ජීවීන් ලෙස හඳුන්වන, හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAP) වෙත මිනිසුන් අතර ඇවිදීමට පවා හැකියාව පවතින බව සඳහන්.

පසුගිය දශකයටත් වැඩි කාලයක් පුරා විවිධ අවස්ථාවල දී ලොව බොහෝ රටවල සේවයේ නියුතු හමුදා නිලධාරීන් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව සහ ඒවාගේ පැහැදිලි කළ නොහැකි දර්ශන පිලිබඳව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඒවා කුඩා කක්ෂවල සිට විශාල යාත්‍රා දක්වා ප්‍රමාණයෙන් ගෝල, තැටි, ත්‍රිකෝණ සහ වෙනත් හැඩ ඇතුළු විවිධ ආකාරවලින් වාර්තා වී තිබෙනවා. දිශාවේ හදිසි වෙනස්වීම්, අධික වේගය සහ පෙනෙන ප්‍රචාලන පද්ධති නොමැතිව සැරිසැරීමට ඇති හැකියාව එහි විශේෂත්වය වනවා.

පර්යේෂකයන් මෙම පර්යේෂණයට අදාළ වාර්තාවේ පිටසක්වල ජීවීන් අප සමඟ, එනම් මිනිසුන් සමග ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව න්‍යායන් හතරක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න  මානව ගුප්ත භූගෝලීය න්‍යායයි. එනම් කෙසේ හෝ රහසිගතව දිවි ගලවා ගත් අපට වඩා තාක්‍ෂණිකව දියුණු පැරණි මානව ශිෂ්ටාචාරයක් තිබිය හැකි බවයි. දෙවන න්‍යාය නම් පෘථිවියේ රහසිගතව පරිණාමය වූ තාක්‍ෂණිකව දියුණු, මානව නොවන ශිෂ්ටාචාරයක් පවතින බවයි. තුන්වැන්නෙන් ඔවුන් සඳහන් කරන්නේ අනාගතයේ සිට පැමිණ පෘථිවියේ රහසිගතව ජීවත් වන පිටසක්වල ජීවීන් හෝ මිනිසුන් සිටින බවයි.

හතරවන න්‍යායෙන් පර්යේෂකයන් යෝජනා කරන්නේ  සුරංගනාවන්, ජර්මානු ජනප්‍රවාදවල සඳහන් මානවරූපී අද්භූත ජීවි විශේෂයක් වන එල්ව්ස්, ග්‍රීක මිථ්‍යාවන්හි සඳහන් වන සාමාන්‍යයෙන් ගස් වැනි සාරවත්, වැඩෙන දෑ සමඟ හෝ ජලය සමඟ සම්බන්ධ වන නිම්ෆ් වැනි හෝ ඊට සමාන ජීවීන් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අවසාන න්‍යාය පිලිබඳව බොහෝ විද්‍යාඥයින් විවිධ මත පලකර තිබෙනවා. පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි නමුත් සුරඟනන් පිළිබඳ වන අදහස සැක සහිත බවත් ඔවුන් දක්වා තිබෙනවා.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ අභ්‍යවකාශ භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝෂුවා සෙමීටර් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙන අතර ඔහු සඳහන් කර ඇත්තේ තාක්ෂණ විද්‍යාඥයෙකු වශයෙන් ඔහුගේ අනුමානය, යම් ආකාරයක දියුණු තාක්‍ෂණයක් ක්‍රියාත්මක විය හැකි බව නමුත් එය මානව තාක්‍ෂණය බව ඔහුගේ විශ්වාසය බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අභිරහසක් විසඳන විට විවෘත මනසක් තබා ගැනීම වැදගත් බවයි.
gossip lanka