gossip lanka

මතීෂගේ පන්දුවලට බය වුණ බංග්ලාදේශ කණ්ඩායම ඒ වෙනුවෙන්ම කරන්න යන පුදුම වැඩේ!

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය බංග්ලාදේශය සමග ඩලස් හීදී පැවැත් වීමට නියමිතයි.

මේ අතරම ශ්‍රී ලංකාව හමුවට එන බංග්ලාදේශ කණ්ඩායමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු අහිමි වීමේ අවධානමකට ලක් ව තිබෙනවා.

ඒ ටස්කින් අහමඩ් සහ ශෝරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් දෙදෙනායි.දෙදෙනාම ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම තත්වය හට ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ටස්කින් අහමඩ් සුව අතට පත් වෙමින් සිටින බවට වාර්තා පළ වුණත් තවමත් ඔහු මෙම තරගයට සහභාගී වනවාද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

මේ අතරම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සම්බන්ධයෙන් බග්ලාදේශ පුහුණු සැසිවලදී විශේෂ අවධානයක් ලබා දෙන බවට එම කණ්ඩායමේ කළමනාකාරීත්වය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතරම මතීෂගේ පන්දු යැවීමට සමානව පන්දු යවන ක්‍රීඩකයකු පුහුණු වීම් සඳහා ගෙන්වා ගැනීමටද බංග්ලාදේශ පුහුණුකරුවන් කටයුතු යොදා ඇති බවට සඳහන්.
gossip lanka