gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදා සිටින වන අලියකු අත ගෑ තරුණයා සොයයි (VIDEO)

නිදා සිටින වන අලියකු තරුණයකු විසින් ස්පර්ශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වීඩියෝව රූගත කර ඇත්තේ අනුරාධපුර රණජයපුර කැලෑබද ප්‍රදේශයකදීයි.

තරුණයන් තිදෙනාගෙන් එක් අයෙක් නිදා සිටි අලියා ළඟට ප්‍රවේශමෙන් ගොස් අලියා ස්පර්ශ කර ක්‍රමයෙන් පසු බසින අයුරු වීඩියෝවේ පැහැදිලිව දක්නට ලැබේ.

ඔවුන් වීඩියෝව ත්‍රාසජනක ක්‍රියාකාරකමක් ලෙස රූගත කර මුදාහැර ඇත්තේ එය ව්‍යාජ ලෙස විශාලනය නොකළ බව ද පවසමිනි.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ වන අලියකුට සමීප වන ආකාරය නිරූපණය කිරීමයි.

එහි ඇති අවදානම පෙන්වා දෙමින් වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි ක්‍රියාකාරකම්වල නොයෙදෙන ලෙස සහ වීඩියෝව නැරඹීමෙන් පසු එවැනි ක්‍රියාවන්ට උත්සාහ කිරීමෙන් වළකින ලෙසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka