ගයාත්‍රි ඩයස් ගැන දැන ගන්න හැමෝම කැමතියිනේ.
බොහෝ වෙලාවට සමාජ ජාලා තුල වැඩි වශයෙන් ක්‍රියාකාරීව ඉන්න ගයාත්‍රි රසික රසිකාවියන් එක්ක එයාගේ හැමදේම බෙදාගන්නවා.ඉතින් ඒ වගේ ඇය තබපු සටහනක් ගැන එයාට ආදරය කරන රසික රසිකාවියන් පොඩ්ඩක් විමසිල්ලෙන් වගේ ඉන්නේ.ඉතින් බලන්නකෝ මේ ඇය තබා තිබූ සටහන.
ලියන්නේ මගේ කතාවම කියලා ආපහු සමාජය වරද්ද ගන්න එපා. මේ අපි හැමෝගෙම කතාව…..
අඬන්න ඕන වෙලාවල් යම් යම් හේතු මත කල් දාන්න වුණ වෙලාවල්වල පපුව කෑ ගහලා අඬද්දි ඒවා සුසුම් අස්සේ හිර කර ගත්තේ මේ ජීවිතයේ බොහෝ තැන්වල අසරණ වුණු වාර ගණන අනන්ත නිසා.
ඊළඟ මොහොතේ හැම දෙයක්ම වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
සමාජයේ ඇතුළේ අපි මොන තරම් කතාබහට ලක් වෙනවද ?
සමාජය අපිව විවිධ මිනුම් දඬුවලින් මනිනවා හැමදාම බලන් ඉන්නවා.
ඇත්ත මොකක්ද කියලා හරියටම නොදන්න සමාජය හය හතර නොතේරෙන කිරි සප්පයෙක් වගේ කියලා මට හිතෙනවා.
තමන්ගේ දුක කියලා අඬන්න හිතෙන්නේ අපිව හොඳින් හඳුනන හැමදාම ළඟ හිටිය කෙනෙක් ළඟ.
යාළුකමට උරහිසට පාත් වෙලා අඬද්දි අපිව සනසන්න ඒ අත්වලින් හිස පිරිමැද්දේ ඇත්තටම අපි පිළිබඳ දැඩි වේදනාවක් හිතට ඇතුළු වන අයයි.
සමාජය කියන මේ විශාල හය හතර නොදන්නා කිරිසප්පයා උත්සාහ කරන්නේ රිදෙන තැන නොදන්නාකමට ඒ අස්සේ සෙල්ලං ගෙවල් හදන්න.
ඒ සෙල්ලම් ගෙවල් හදලා ඒකෙන් සතුටක් ලබන්න.
අපි වයසට යද්දී සමාජයත් වයසට යන්නේ නැත්තේ ඇයි කියලා මං හැමදාම දුක් වුණා.
අපිත් එක්කම සමාජයත් වයසට ගියා නම් කියලා මට හැමතිස්සෙම හිතුණා.
අපිත් එක්කම වයසට යන්න ඒ සමාජයට පුළුවන් වුනා නම් මීට වඩා දයාබරව අප දිහා බලන්න තිබ්බා…
ඇයි මේ සමාජයට හිතෙන්නේ නැත්තේ සමාජය වෙලාවකට ඔයා පට්ට අසාධාරණයි…තේරුනාද..? පට්ට දුකයි ඒ ගැන හිතෙනකොට…..
ගයාත්‍රී ඩයස්..