gossip lanka

“මගේ අම්මා ටීචර් තාත්තා ගුරු උපදේශක මාමා ටීචර්...මට ශිෂ්‍යත්වයෙන් රෑන්ක් එකක් තිබුණා” – දිනිති

කලා ලෝකය තුළ ආකර්ෂණීය ඒ වගේම අතිශයින්ම දක්ෂ කලා තරුවක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.ඇය නටන්න ඒ වගේම රඟපාන්න සිංදු කියන්න මේ හැමදේටම දක්ෂ කලා තරුවක්.පූර්ණ කාලීනව රංගන ශිල්පිනියක් වෙන්න කලින් දිනිති ගුවන් සේවිකාවක් විදිහට තමයි වැඩ කටයුතු කළේ ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක්.

දිනිති ගැන කතා කරද්දේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම ඈ පිළිබඳව කතා කරන්නේ ඇය තමන් ගැන කරන විවිධ වර්ණනා නිසයි. එක අතකට ගත්තහම ඇයට තියෙන ඒ සුවිශේෂී හැකියාවන් නිසාම බොහෝ දේවල් ළඟා කරගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

කෙසේ නමුත් ඇය තමන්ගේ ඇචිව්මන්ට් ගැන කතා කරද්දි සමාජයේ බොහෝ දෙනා විවිධ අදහස් උදහස් ඒ වෙනුවෙන් පළ කළා.

නමුත් දිනිති නම් මේ දේවල් ගණන් ගන්නෙ නැතුව තමන්ගෙ ගමන යනවා කියලා තමයි සඳහන් කරන්නේ. කෙසේ නමුත් දිනිති පසුගිය දවසක වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇය පිළිබඳව කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“මම පිපෙට් කෙනෙක්,මම බෑන්ඩ් ලීඩර්,drama president,science president,මට සමස්ත ලංකා සෙටිපිකට් හතක් තිබුණා එකම අවුරුද්දේ.මම පොඩි කාලේ ඉඳන් හරි දක්ෂයි ඉගෙන ගන්න.ශිෂ්‍යත්වෙන් මට තිබුණා දිස්ත්‍රික් රෑන්ක් එකක්.ඒවගේම ඕලෙවල් ඒ අටයි.අම්මලා තාත්තලත් උගන්නන එක විතරමයි කරන්නේ.මගේ අම්මා ටීචර් තාත්තා ගුරු උපදේශක,ලොකු අම්මා ප්‍රින්සිපල්,මාමා ටීච.ගෙදර ඔක්කොම ටීචර්ස්ලා.”
gossip lanka