gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ඇපල් සමාගමේ අවසානයද.. ටෙස්ලා සහ සැම්සුන්ග් අණතුරු අඟවයි!

පෙරේදා (10) අමෙරිකාවේ කැලිෆෝනියා හි ඇපල් සමාගමේ මූලස්ථානයේ පැවති Developers Conferance හිදී නිවේදනය කරනු ලැබුවේ ඇපල් සමාගමේ මීළඟ දුරකථන මාදිලිය සඳහා කෘතිම බුද්ධියෙන් (Al) බළ ගැන්වෙන Open AI සේවාවන් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ එම නවතම යාවත්කාලීන කිරීම හරහා ඇපල් සමාගමේ ios මෙහෙයුම් මෘදුකාංගයේ ඇතුලත් ‘Siri’ යෙදවුම හරහා කෙටි පණිවුඩ, ඊ-මේල් පණිඩුව සහ මෙතෙක් ඇතුළත්ව නොතිබූ තුන්වැනි පාර්ශ්වයේ දුරකථන යෙදවුම් සඳහාද ක්‍රියාත්මක වීමේ හැකියාව එමඟින් ලබා දෙන බවත් ඒ අනුව, කෘතිම බුද්ධිය මගින් ඊමේල් පණිවුඩ සඳහා සහ කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙන බවත්ය.

නමුත්, විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නවතම යාවත්කාලීන සම්බන්ධයෙන් ටෙස්ලා සහ ‘X’ හි හිමිකරු වන ඉලොන් මස්ක් විසින් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි.

ඉලෝන් මස්ක් විසින් තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ සමාගම්වලින් අයිෆෝන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශකර ඇත්තේ “ඔවුන් ඔබේ දත්ත OpenAl වෙත ලභා දුන් පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි Apple සමාගමට කිසිදු අදහසක් නැත” යනුවෙනි.

මේ අතර, ඇපල් සමාගමේ ප්‍රධාන තරඟකරු සැම්සුන් සමාගමද ඇපල් සමාගමේ මෙම නිවේදනය ‘X’ පණිඩවුඩයක් ඔස්සේ සමච්චලයට ලක්කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි බලවත් සමාගම් විසින් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඇපල් සමාගමේ අනාගතය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka