gossip lanka

උසස් පෙළ සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවයි.. හේතුව විභාග අක්‍රමිකතා!

මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් 70කගේ  විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අඩි 20 X 20 පන්ති කාමරවල විභාග ශාලාවන් තුළ විභාග කටයුතු පවත්වාගෙන යෑමේදී සිදුවී ඇති බව කියන විභාග අක්‍රමිකතාවයක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ සිසුන් පිරිසක් බව සඳහන්.

එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා සඳහන් කළේ විදුහලේ සිසු සිසු වියන් 114 දෙනකු විභාගයට  පෙනී සිටි බවත් ඉන් 43 දෙනකු සිසුන් වන අතර සෙසු පිරිස සිසුවියන් බවත්ය.

එම පිරිසෙන් 44 දෙනකුගේ පමණක්  ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදුහල්පතිවරයා පෙන්වා දෙයි.

සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමුවු මෙම සිසුවියන් සිදුවි ඇති අසාධාරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වේ.
gossip lanka