gossip lanka

දසුන්ගේ සුපිරි පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්: ශ්‍රී ලංකාවේ පෙරහුරු තරග දෙකම අවසන්!

අයර්ලන්ත කණ්ඩායම ලකුණු 41කින් පරාජය කර දෙවැනි පුහුණු තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (31දා) රාත්‍රියේදී අවසන් වුණා.

මෙහි පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 122ක් පමණි.

බිඳවැටුණු අයර්ලන්ත ඉනිමේ ඉහළම ඉනිම කර්ටියස් කැම්පර් වාර්තා කරද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක සුපිරි පන්දු යැවීමක නිතර විය.

පන්දුවාර 3.2 පමණක් යොමුකළ දසුන් අයර්ලන්ත ඉනිමේ කඩුලු 04ක්ම දවාගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඔහු ලබාදුන්නේ ලකුණු 23ක් පමණි.

දසුන්ට අමතරව මහීෂ් තීක්ෂණ (2/14), වනිඳු හසරංග (2/40), මතීෂ පතිරණ (1/13) හා දුෂ්මන්ත චමීර (1/19) කඩුලු දවාලමින් දක්ෂතා දැක්වූහ.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පුහුණු තරග දෙකම අවසන් විය. ඉන් ඔවුන් ක්‍රීඩාකළ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලකුණු 20කින් පරාජය විය.

ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිය පළමු තරගය ජූනි මස 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් එදින රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

.................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කය හඹායන අයර්ලන්ත කණ්ඩායම මීට සුළු වෙලාකට පෙර පන්දුවාර 05ක් අවසනදී එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 39ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ජයග්‍රාහී රිද්මයට පැමිණෙමින් සිටි ඔවුන් පන්දු 90කදී රැස්කළ යුතුව ඇත්තේ තවත් ලකුණු 125ක් පමණි.

තරගය ජයගැනීම සඳහා අයර්ලන්තය පන්දුවාරයකට ලකුණු 8.33ක වේගයක් පවත්වාගත යුතු අතර, මේ වනවිට ඔවුන් 7.80ක වේගයක් පවත්වාගෙන යනු ලබයි.

................................................................................

අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරග මාලාවේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන දෙවැනි පුහුණු තරගය දැන් ලෝඩර්හිල්හිදී පැවැත්වෙනවා.

මෙහි කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 තුළදී කඩුලු 08ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 30කින් ලකුණු 32ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පන්දුවට පහරදීම

ශ්‍රී ලංකාව 163/8 (පන්දුවාර 20), ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32 (30, 4x1, 6x2), වනිඳු හසරංග 26 (21, 4x3, 6x1), දසුන් ශානක 23 (15, 4x2, 6x1), පැතුම් නිස්සංක 22 (15, 4x1, 6x2)

අයර්ලන්තය පන්දු යැවීම

ජොෂ් ලිට්ස් 2/45 (4), බැරි මැකාර්ති 2/31 (2.4), මාක් ඒඩර් 1/28 (4), ක්‍රෙග් යන්ග් 1/19 (2.2), කර්ටියස් කැම්පර් 1/5 (2)
gossip lanka