gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'අපේ කොල්ලෝ' ලෝක කුසලානයට අඳින ජර්සිය හැඩවෙලා තියෙන්නේ මෙහෙමයි : මෙරට ඉතිහාසය, සංචාරක මරමස්ථාන ඇතුළු රැසක් අන්තර්ගතයි

එළබෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10දා) පස්වරුවේ සිදු කෙරුණා.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම සඳහා වන ජර්සිය නිර්මාණය කිරීමේ කාර්යය Moose Clothing සමාගම විසින් සිදු කරන අතර, ඒ අනුව එම සමාගමේ ජැඇළ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සුවිශේෂී අවස්ථාව සිදුවිය.

මෙම අවස්ථාවට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය, කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා තවත් බොහෝ පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.

විශේෂයෙන් මෙම ජර්සියට මෙරට සංචාරක මරමස්ථාන ඇතුළත් කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උත්පේරකයක් වනු ඇති බවද නිර්මාණය කළ Moose Clothing සමාගම බලාපොරොත්තු වෙයි.

ඒ අනුව මෙම ජර්සියට මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් 'Nine Arches Bridge', හබරන 'අලි එකතුව', සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් අන්තර්ගත කර ඇත.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 01වැනිදා ආරම්භ වන අතර, ඒ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය ජූනි 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka