gossip lanka

හෙරොයින් තොගයක් සමග නිරෝෂා පොලිස් අත්අඩංගුවට!

ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස හඳුනාගෙන ඇති නිරෝෂනී ප්‍රදීපිකා නම් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව දූෂණ මර්දන ඒකකය පවසයි.

“බුරු නිරෝෂා” ලෙසින් හඳුන්වනු ලබන ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 810 ක් සොයාගෙන ඇති අතර, මාලඹේ පිහිටි ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී මිලිග්‍රෑම් 08 යි ග්‍රෑම් 430 ක් සොයා ගෙන ඇත.

ඇය සමඟ සිටි තවත් පුද්ගලයෙක්ද එහිදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් මීට පෙරද බන්ධනාගාරගතව සිටි කාන්තාවන් බවද අනාවරණය වී ඇත.
gossip lanka