gossip lanka

ජීවිත දවාලන අඳුරු ශාපයන් අළුකර දැමීමට ලක්ෂ සීයක වියදමින් අරුම පුදුම උඳුනක්!

රුපියල් මිලියන 6.34ක වියදමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධි බලැති උඳුනක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

පොලිස් මූලස්ථාන පවසා තිබුනේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉදි වූ මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා වැය වී ඇති සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 110කට අධික වන බවයි.

එම උඳුන ස්ථාපිත කිරීම සඳහා භූමිය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකර තිබෙනවා.

මෙම අධිබලැති උඳුන ස්ථාපිත කර ඇත්තේ, පුත්තලම ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමි ප්‍රදේශයක බව වාර්තා වේ.

පොලීසිය පවසන්නේ මෙරටදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සඳහා පැවති අවශ්‍යතාවක් අනුව දියුණු රටවල යොදාගන්නා ආකාරයේ තාක්ෂණික උඳුනක් ඉදිකිරීමට කටයුතු කළ බවයි.

උඳුන විවෘත කිරීම වෙනුවෙන් අද (18) දින හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක ප්‍රමාණයක් විනාශ කිරීමට නියමිත අතර මෙම උඳුන තුළ සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පැය 8ක කාලයක් ගතවන බවයි.
gossip lanka