gossip lanka

රහාරාත්මක පිතිකරු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ!

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව ගියද ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් අමෙරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇත.

වීසා අයදුම් කිරීමේදී සිදුවූ දෝෂයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මුල් වටයේ වීසා අනුමත නොවුණු අතර එම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එළඹෙන ජූනි මාසයේ සිට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් ගොස් ඇති අතර තරගාවලිය අමෙරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙයි.
gossip lanka