gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතා විසින් පියාගේ පුරුෂ ලිංගය කපා විසි කරයි

සිය බාල පුතා විසින් තියුණු ආයුධයකින් වෙන් වෙන්නම පියාගේ පුරුෂ ලිංගය කපා ඉවත් කර දමා ඇතැයි කියන පුද්ගලයෙක් අසාධ්‍යව පෙරේදා (01දා) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලීසිය පැවසීය.

උඩගම, යටගම රඹුක්කන පදිංචිච්ච සිටින 58 හැවිරිදි තිදරු පියෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.

මොහුට පිරිමි දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් වයස අවුරුදු 28 – 35 අතර පුද්ගලයන් බවත් පොලීසිය පැවසීය. ඔවුන් රැකියා නොකරන බවත් නිවසට වී සිටින බවත් කළ විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බව පොලීසිය පැවසීය. තුවාලකරු කාලයක සිට බිරිද සමග ගැටුම් ඇතිකර ගත්තා බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

ඉකුත් 30 වැනිදා රාත්‍රී පළමු හා තෙවැනි පිරිමි දරුවන් සමග මවුපියන් නිවසේ සිට ඇති අතර දෙවැනි පිරිමි දරුවා නිවසින් බැහැරව සිට ඇති බවත් පොලිසිය පැවසීය. රාත්‍රි 7.30 ට පමණ තුවාලකරු මත්පැන් පානය කර නිවසට පැමිණි සුපුරුදු පරිදි බිරිඳ සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී තුවාලකරු බිරිදට පහර දීම් කිහිපයක් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ දී තුවාලකරු ඇද සිට සරම ගැලවී බිමට වැටී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

එම අවස්ථාවේ දී 28 හැවිරිදි බාල පිරිමි දරුවා තියුණු ආයුධයකින් පියාගේ පුරුෂ ලිංගය වෙන් වෙන්නම කපා විසි කර දමා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

පසුව තුවාලකරු නිවසින් එළියට පැමිණි රාත්‍රී කාලයේ කැළේ සැඟව සිට පෙරේදා (01දා) අසාධ්‍යව වූ අවස්ථාවේ දී රඹුක්කන රෝහලට පැමිණි ඇතුළත් වී ඇති බවත් පොලිසිය පැවසීය.

රමුක්කන රෝහලේදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍ය කර්මයක් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

දැනට තුවාලකරු අසාධ්‍යව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර පුත්‍රයා රක්කන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

– කෑගල්ල චමින්ද ජයලත්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka