gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ෆෝන් එකේ තියෙන දේවල් එළියට යන එකක් නෑ නේද?" - හදන්න දීපු දුරකථනයෙන් බිරිඳගේ කෙරුවාව මාට්ටු... අවසානයේ වුණ දේ මෙන්න

අලුත්වැඩියා කිරීමට ගෙනා ජංගම දුරකථනයක් නිසා විවාහයක් දෙදරා යාමේ පුවතක් කුරුණෑගලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

සිද්දිය මෙසේය. නිවසේ සිටියේ සැමියා, බිරිඳ හා දරු දෙදෙනාය.

සැමියාට දුර බැහැර රැකියාවට යාමට සිදුවන්නේ රැකියා ස්ථානයෙන් ලැබුණු ස්ථානමාරුව නිසාය. ඔහු ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලුත්වැඩියා ස්ථානයක සේවය කලේය.

ඔහු නිවසට පැමිණෙන්නේ මසකට වරකි.

බිරිඳත් සැමියාත් දුරස්වූ බැවින් ඔවුන් ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.

මෙසේ ටික දිනක් ගතවෙද්දී බිරිඳ ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ අනියම් පෙමක පැටලුණි.

පෙම්වතාත් දුරබැහැර සිටි අතර ඔවුන් නොමනා ඡායාරූප පවා හුවමාරු කරගත්හ.

මෙසේ ටික දිනකට පසු කාන්තාවගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත වූ අතර ඇය එය රැගෙන නගරයේ සේවා ස්ථානයට ගියාය.

එහිදී එයින් දන්වා සිටියේ එය අග නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට යැවිය යුතු බවයි.

“ෆෝන් එකේ තියෙන දේවල් එළියට යන එකක් නෑ නේද?” ඇය ඇසුවාය.

“නෑ, නෑ මිස්” කී විට ඇය ඊට එකඟවිය.

අදාල ජංගම දුරකථන අලුත්වැඩියා අංශයේ සිටි ඇගේ සැමියා අතටම ජංගම දුරකථනය ලැබෙන්නේ දෛවෝපගත ආකාරයටය.

එය අලුත්වැඩියා කරන සැමියා හට තම බිරිඳගේ දුරකථනය බවම බවට වැටහීමට වැඩිකල් නොගියේය.

එය පරික්‍ෂා කල ඔහුට දෙවියන් බුදුන් සිහිවිය.

අවසානයේ එදිනම නිවසට ගිය ඔහු සියල්ල බිරිඳගෙන් විමසූ අතර ඇයට වරද පිළිගැනීමට සිදුවිය.

අවසානයේ සැමියාගේ තීරණය වූයේ පවුල් ජීවිතයට තිත තැබීමය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka