gossip lanka

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය ගැන අලුත්ම දැනුම්දීමක්!

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) කිසිවෙකු නොසිතූ අන්දමින් අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු සඳහන් කළේ, මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බවයි.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයක්.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළා.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයු කළේ ය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් බවට පසු ගිය කාලයේ පත් වුණා.
gossip lanka