gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්​ පෙම්වතාගේ ආරවුලෙන් පොලිස් පෙම්වතිය මැරෙන්න යයි... අවසානයේ සිදු වූ දේ මෙන්න

තම පොලිස් පෙම්වතා සමඟ ඇතිවූ ආරවුලකින් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගැනීම සඳහා පැරසිටමෝල් අධි මාත්‍රාවක් පානය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරිය නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ මෙහෙයුම් මැදිරියේ නිලධාරිනියක් වන අතර තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ විලාසිතා නිවසේ පුහුණු ඒකකයේ කොස්තාපල්වරයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත.

කොස්තාපල්වරිය පසුගිය 19 වැනිදා මහජන පැමිණිලි මෙහෙයුම් මැදිරියේ රාජකාරි සඳහා යොදවා සිටියදී පෙම්වතා සමඟ ඇතිවූ ආරවුලක් මත සියදිවි හානිකර ගැනීම සඳහා පැරසිටමෝල් අධි මාත්‍රාව පානය කර තිබෙනවා.

මෙම හේතුව මත ඇයව පෙරේදා (20 වැනිදා) සිට වැඩ තහනමට ලක් කිරීමට ද ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka