gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රබල මාලිමා සාමාජිකාවක් අනියම් සැමියා අතින් මරුට!

නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ජාතික ජන­බ­ල­වේ­ගයේ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල ක්‍රියා­කා­රි­නි­යක වන අමිලා විමානි කොඩි­තු­වක්කු නැමැ­ත්ති­යගේ මර­ණය ඝාත­න­යක් බව හෙළි වේ.

මෙම ඝාත­න­යට ඇයගේ අනි­යම් සැමියා යැයි කියන ද්විත්ව පුර­වැ­සි­යකු විසින් සිදු කර ඇතැයි සැක­ක­රන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගාර ගතව සිටියි.

නාන කාම­රයේ වැටී සිටි බව පව­ස­මින් අනි­යම් සැමියා විසින් පසු­ගිය 25 දා සුවි­සැ­රිය ගිලන් රථ­යක් ගෙන්වා ගෙන ඇයව මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. ඇයගේ ශරී­රයේ පව­තින තුවා­ල­ව­ලට අනුව නාන කාම­රයේ වැටී­මක් නොව පහ­ර­දි­මක් හේතු­වෙන් ඇති වූ තුවාල බව නිරි­ක්ෂ­ණය වීමෙන් පසු මෙම මර­ණ­යට සැක­පිට ඇයගේ අනි­යම් සැමියා පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කුණ්ඩ­සාලේ නරේන්ද්‍ර මාවතේ පදිංචි සමන් කොඩි­තු­වක්කු නැමැති සැක­කරු ඕස්ට්‍රේ­ලි­යානු හමු­දාවේ සේවයේ නිර­තව විශ්‍රාම ගොස් ඇතැයි පැව­සෙන අතර මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් මේ වන විට රක්ෂිත බන්ධා­නා­ගාර ගතව පසුවේ. මෙම පුද්ග­ල­යාද ජාතික ජන බල­වේ­ගයේ ක්‍රියා­කා­රි­යකු ලෙස කට­යුතු කර­මින් සිටි අයකු බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය කියයි.

අමිලා විමානි කොඩි­තු­වක්කු මහ­ත්මිය විවා­හක තැනැ­ත්ති­යක් වන ඇය සමූ­පා­කාර පරී­ක්ෂ­ක­ව­රි­යක් ලෙස කට­යුතු කරනු ලැබු­වාය. පසු­ගිය 24 දා රාත්‍රි­යේදී ඇය කුණ්ඩ­සාලේ නරේ­න්ද්‍ර­සිංහ මාවතේ සිය අනි­යම් සැමියා වූ සමන් කොඩි­කු­වක්කු රැඳී සිටින නිවෙ­සට ගොස් තිබේ. එදින රාත්‍රී කාලෙයේ එම නිවෙසේ රැඳී සිට ඇති ඇය නානා කම­රයේ වැටී තුවාල වූ බව පව­ස­මින් අනි­යම් සැමියා විසින් 1990 සුවි­සැ­රිය ගිලන් රථ­ය­කින් 25 දා මහ­නු­වර රෝහ­ලට ඇත්ළත් කර තිබෙන බව මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වන පල්ලෙ­කැලේ පොලී­සිය පව­සයි.

රෝහ­ල්ගත කිරී­මෙන් පසු ඇගේ තත්ත්වය බර­ප­තළ වූ බැවින් දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කර ඇති අතර තුවාල සම්බ­න්ධ­යෙන් ඇති­වුණු සැක­යක් මත රෝහ­ලින් ඒ බව පොලි­සිය දැනු­ම්වත් කර ඇත. ඒ අනුව පල්ලෙ­කැලේ පොලි­සියේ නිල­ධා­රීන් මහ­නු­වර රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා මුණ­ගැසී කළ විම­සීමේ දී ඔහු පවසා ඇත්තේ එම තුවාල නාන කාම­රයේ වැටී සිදුවී නැති බවත් සිරුරේ තැනින් තැනද තුවාල ඇති බැවින් පහ­ර­දී­ම­කින් එම තුවාල සිදුව ඇති බව නිරී­ක්ෂ­ණය වන බවත්ය.

ඒ අනුව පල්ලෙ­කැලේ පොලි­සියේ නිල­ධා­රීන් මහ­නු­වර අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් කැඳවා නරේ­න්ද්‍ර­සිංහ මාවතේ පිහිටි ඇය අන­තු­රට ලක්වූ නිවස පරීක්ෂා කර ඇත. ඊට අධි­ක­රණ වෛද්‍ය­ව­රයා ද පැමිණ ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. එම විම­ර්ශ­නයේ දී පැහැ­දි­ලි­වම පෙනී ගොස් ඇත්තේ ඇය නාන කාම­රයේ වැටී නැති බව­ටත් එම නිවෙසේ අප­රා­ධ­මය ස්ථාන ස්වරූ­ප­යක් නිරී­ක්ෂ­ණය වී ඇති බවත්ය. එහිදී නිවෙස් හිමි සමන් කොඩි­තු­ව­ක්කු­ගෙන් ප්‍රශ්න කිරී­මේදී ඔහුගේ හැසි­රීම හා ලබා­දෙන පිළි­තුරු සම්බ­න්ධ­යෙන් යම් සැක­යක් පොලිස් නිල­ධා­රීන්ට පැන නැ‍ඟී ඇත. එසේම මෙම පුද්ග­ලයා පොලි­සිය මග­හැර සිටී­මට ද මෙම සිදු­වී­මෙන් පසු ලොකු උත්සා­හ­යක ද නිර­තව තිබේ.

මේ සිය­ල්ලම සැල­කි­ල්ලට ගෙන පල්ලෙ­කැලේ පොලි­සිය අමිලා විමානි කොඩි­තු­ව­ක්කුට සිදුව ඇති තුවාල සම්බ­න්ධ­යෙන් සැක­පිට 26 වැනිදා ඇගේ අනි­යම් සැමියා බව කියන සමන් කොඩි­තු­වක්කු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එහි දී ඔහු­ගෙන් පොලි­සිය කළ දීර්ඝ ප්‍රශ්න කිරී­මක දී පවසා ඇත්තේ දෙදෙනා අතර එදා බහි­න්බස් වීමක් සිදුවූ බවත් ඇය තුවාල වූයේ පඩි­පෙ­ළින් වැටී බවත්ය.

ඔහු එසේ පැව­සු­වත් ඇයට අමා­නු­ෂික ලෙස පහර දී ඇති බව බැලූ බැල්ම­ටම වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් පවා පෙනී ගොස් ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් සැක­පිට සමන් කොඩි­තු­වක්කු නමැති අය තෙල්දෙ­ණිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට 27දා ඉදි­රි­පත් කළ බව පොලි­සිය කියයි. එහිදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බලා අධි­ක­ර­ණය ඔහුව දින 14කට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ බවත් දැඩි සත්කාර එක­කයේ සති­ය­කට ආසන්න කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි අමිලා විමානි කොඩි­තු­වක්කු මහ­ත්මිය 30 දා මිය­ගිය බවත් පොලි­සිය කියයි. මේ කාලය පුරා­ව­ටම ඇය­ගෙන් පොලි­සි­යට ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට ඉඩක් නොවූ බවත් ඇය රෝහ­ල්ගත කළ දින සිට මිය යන තුරුම සිටියේ අසාධ්‍ය තත්ත්ව­යෙන් කිසි­වක් ප්‍රකාශ කර ගැනී­ම­ට­වත් නොහැකි තත්ත්ව­ය­කින් බවත් පොලි­සිය කියයි.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පැවැති පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ දී පවා තහ­වුරු වී ඇත්තේ මොට ආයු­ධ­ය­කින් කළ පහ­ර­දී­ම­කින් ඇය මිය­ගොස් ඇති බව යැයි පොලි­සිය සඳ­හන් කළේය. ඇගේ අනි­යම් සැමියා අධි­ක­ර­ණ­යට මුල් අව­ස්ථාවේ දී ඉදි­රි­පත් කරනු ලැබුවේ ඇයට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් බවත් දැන් මෙම පහ­ර­දීම ඝාත­න­යක් බව අනා­ව­ර­ණය වී ඇති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන බවත් පොලි­සිය කියයි.

මෙසේ සිය අනි­යම් බිරිය ඝාත­නය කර ඇති මෙම පුද්ග­ලයා ඔස්ට්‍රේ­ලි­යානු ජාතික කාන්තා­වක් විවාහ කර­ගෙන සිටින අයෙක් බවත් ඔහු මෙර­ටට පැමිණ ඇත්තේ මාස තුන­කට පෙර බවත් විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇත. ඇය ජාතික ජන බල­වේ­ගයේ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­නි­යක් ලෙස සිටි බැවින් ඔහුද ඇය අනු­ග­ම­නය කර­මින් එම පක්ෂයේ දේශ­පා­ලන වැඩ­ක­ට­යු­තු­ව­ලට සම්බන්ධ වී ඇති බව සඳ­හන්ය. ඇයගේ සැමියා ද එම පක්ෂ­යේම ක්‍රියා­කාරී දේශ­පා­ල­නයේ නිරත අයෙක් බවට සඳ­හන් වන අතර මේ සිද්ධිය වන අව­ස්ථාවේ දෙදෙනා අතර විර­ස­ක­යක් තිබුණු බවට ද වාර්තා වේ.

– Dinamina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka