gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්ච් ටයිම් නිවේදක මංජු පැවිදි දිවියට පිවිස කරන ගඩොල් ආධාර වැඩසටහන ගැන හතර වටින් විවේචන – අලුත් වීඩියෝවකින් කතාව වෙනස් කරයි (VIDEO)

සිරස ටීවී ලන්ච් ටයිම් වැඩසටහන ඉදිරිපත් කිරීම නිසා ප්‍රකටව සිටි මංජු තේනුවර මීට වසර 4 කට පෙර 2020 පැවිදි දිවියට පිවිසියේ “මාතර විජයසීහ‘ හිමි නමිනි.

මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනයේදී පැවිදි දිවියට එළඹි මාතර විජයසීහ හිමි පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් මතු කළේ පන්සලක් ගොඩනගන්නට ගඩොල් පරිත්‍යාග කරන ලෙස කළ ඉල්ලීමක් නිසාය.

රූපවාහිනී නිවේදකයෙකු ලෙස තමන් ලද පුහුණුව නිසාදෝ ඒ හිමියන් සමාජ මාධ්‍ය තුළ ගඩොල් පරිත්‍යාග කරන්නට කරන ලද කථාබහ අතිශය සිත්ගන්නා සුලු විය.

එම ඉල්ලීම ප්‍රකට විය.

නමුත් පසුව ඒ ගැන විවේචන මතු විය. විවේචකයින් දන්වා සිටියේ හිමියන් ගඩොල් පූජා කරන්නට කීවත් ගඩොල් රැගෙන එන්නට එපා යයිද ඒවා කලියෙන්ම පන්සලට ගෙනවිත් ඇති බව කියන බවයි. ආධාර කරන්නට පැමිණෙන අය මුදල් පමණක් රැගෙන එන ලෙස කළ ඉල්ලීම නොගැලපෙන බවයි. එසේම හිමියන් සිය පුද්ගලික බැංකු ගිණුම් අංක සමාජ මාධ්‍ය තුළ පළකරමින් මුදල් රැස්කිරීමද නොගැළපෙන බවයි.

මාතර විජයසීහ හිමි මුදල් ගෙවා වෙරිෆයි කළ ෆෙස් බුක් ගිණුමක්ද පවත්වා යන අතර මෙම විවේචන වලින් පසුව මාතර විජයසීහ හිමියන් වීඩියෝවකින් පෙනී සිටිමින් තමන් වහන්සේ ගැන සැක ඇති නොකරගන්නා ලෙස ඉල්ලා තිබේ.

තමන්ගේ මව වයස 81 ක් බවත් සොයුරෙකු මියගොස් ඇති බවත් අනෙක් සොයුරිය ඇමරිකාවේ බවත් කියන උන් වහන්සේ තමන්ට මුද්ල රැස් කරන්නට කිසිදු පුද්ගලික ආසාවක් නැතැයි එහිදී පැහැදිලි කර තිබේ.

ආන්දෝලනය ඇතිවීමෙන් පසු මාතර විජයසීහ හිමි පළ කළ වීඩියෝව පහතින්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka