gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම ඒ භූමියෙන් ඉවත් වුණාට පස්සෙ, උඹ මට විරුද්ධව කතා කළත් මට තරහක් ආවේ නෑ” – මධුමාදව, පාලිත තෙවරප්පෙරුම විරසකය යළි කරළියට!

අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.

හිටපු අමාත්‍යවරයාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් සංවේදී සටහන් පළ කොට ඇති අතර, ඔහුගේ අවමඟුල සඳහා ද අතිශය විශාල ජනකායක් සහභාගී වී සිටිනවා.

පාලිතගේ වියෝව ගැන, ගායක මධුමාදව අරවින්ද ද සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබෙනවා.

මින් ඉහත, රූපවාහිනි නාලිකාවක (පාලිත සහ රන්ජන් රාමනායක සහභාගී වූ) ඇති වූ මතභේදයක් නිසාවෙන් මධුමාදව අදාළ වැඩසටහනෙන් නැඟිට නික්ම යන අතර, එම අවස්ථාවේ හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද කෝප ගන්නා අයුරු දැකගත හැකිවුණා.

එම සිදුවීම ද සිහි ගන්වමින් මධුමාදව තැබූ සංවේදී සටහන පහතින්,

‘මාල හොරු ඇතුලේ.. රත්තරං එලියේ…..
ඉන්න කාලෙ මාල හොරු රත්තරං… කලුතරට
මැරුනම උබලු ඇත්තටම රත්තරං.. උන්ට
මේක හරි පුදුම රටක්… පාලිත අයියේ…
මිය ගිය මොහොතෙ ඉදල හැමෝම හදවතින් දුක් උනා ආදරනීය මනුස්සයො නුබේ හදිසි නික්ම යෑමට…. ඇත්තටම අපිත් දැක්ක නුබ මිනිස්සුන්ගෙ පපුව අස්සෙ හුරතල් වෙනව බත් උයාගෙන ගංවතුර, සුනාමි කාල වල… I.T.N එකෙන් මම නැගිටල මේ භූමියෙන් ඉවත් වෙනව කියල චැට් ඇන්ඩ් මියුසික් එකෙන් ගියදා.. මම් ගියාට පස්සෙ, උබ මට විරුද්දව කතා කරද්දිත් මට නුබ එක්ක තරහක් ආවෙ නෑ.. ඒ මන් උබේ මනුස්සකම් , අවංකකම් වලට ආදරේ කල නිසා… මගෙ තාත්ත නැති උන වෙලාවෙ නුබ කතා කලා මට… මට පුදුම හිතුන… ඇත්තටම උබ එක්ක අඩියක් ගහන්න ආසාවක් තිබ්බ…. ඒක එදා මට කියා ගන්න එදා බැරිඋනා….මම තාත්තගෙ මරනයෙන් කලබල වෙලා හිටියෙ… දැන් උබත් ගිහින්… තනියෙන්ම… ඉතිං ආදරනීය පාලිත අයියේ… උබව තනි කලේ… උබෙම මිනිස්සු … ඒක පාඩමක් නේද ලොකූ… ඒ කල කිරීම උබෙ පපුවෙ තිබ්බ නේද…. ඒ උබව පැරද්දල මාල හොරුන් දිනවපු දා…. සමහර විට උබට මැරෙන්න හිතෙන්න ඇති..
ඇත්තටම නුබ නුබේ දේශපාලකයව… නුබට කලින් මැරුවා… උබ ආදරේ කල මිනිස්සුන්ම…… මැරුනට පස්සෙ ගුන ගී ගැයීම කලාවක් නම්.. නාමයෙන් කයියේ…. මේ රටේ ඉන්න බහුතරයක්… පිකාසොල පාලිත අයියේ….. ඉතිං එහෙනම්. යන්න හිත හොද වෙනස් මනුස්සයෝ..
මේක මරු රටක් පාලිත අයියේ මැරුනූ
ගුන ගී ගයනවා මැරුනම ලෙසටම දරනූ
මාල හොරුන් ඇතුලේ උබ එලියට වැටුනූ
මැරුනට පස්සෙ මොකටද අයියේ ඔටුනූ’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka