gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිඩ්නි ඛේදවාචකයට මුල් වූ මිනිසා එයට පෙර තැබූ ෆේස්බුක් සටහන ගැන ආරක්ෂක අංශ අවධානය – හදිසියේම තැන වෙනස් වුණාවත්ද?

සිඩ්නි නුවර  වෙස්ට්ෆීල්ඩ්හිදී මාරාන්තික පිහි ඇනුමකින් පුද්ගලයන් හය දෙනෙකු ඝාතනය කළ   අපරාධකරු සම්බන්ධව මේ වනවිට තොරතුරු මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.

40 හැවිරිදි Joel Cauchi පෙර සිටම මානසික ගැටළු කිහිපයකින් පෙළී ඇති බවට ඔවුන්ගේ දෙමාපියන් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.

කෙසේ නමුත් මෙම අපරාධය සිදු කිරීම සඳහා කිසිදු හෝ අන්තවාදී කණ්ඩායමක් , නැතිනම් ආගමික කල්ලියක් සම්බන්ධ දැයි තව දුරටත් සොයා බලන බවට සිඩ්නි පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහු ෆේස්බුක් සමාජ ජාලා හී ස්වීඩ්න් භාෂා පරිවර්තන ගෘපයක තැබූ සටහනක් පිළිබඳව ආරක්ෂක අංශ අවධානය යොමුව ඇති බවට සඳහන් වෙනවා.

“හායි මම භාෂා පරිවර්තනය කර ගැනීමක් සඳහා චතුර ස්වීඩන් කථිකයෙකු සොයනවා! මම චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්නෙකු වන අතර ඔබ කැමති නම් ස්වීඩන් භාෂාව ඉගැන්වීම වෙනුවට ඔබට ඉංග්‍රීසි ඉගැන්විය හැකිය, ”යැයි ඔහු එම ගෘපයේ සඳහන් කර තිබූ සටහන වනවා.

මේ අතරම මෙම පිහි ප්‍රහාරයට පෙර ඔහු සාමාජිකයින් 6000කට වැඩි සංඛ්‍යාවක් සිටින Sydney Beginner Surfing and Adventuring Facebook ගෘපයකද සටහනක් තබා තිබෙනවා.

එහි දක්වා ඇත්තේ ඔහු සමග සර්ෆින්ග් ක්‍රීඩාවේ යෙදෙන්නට පැමිණෙන ලෙසටයි.

“ආයුබෝවන් මම අද හවස බොන්ඩි සර්ෆ් කරනවා කාට හරි සර්ෆ් එකක් සඳහා එහි හමුවීමට අවශ්‍ය නම්!”

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් මිනිස් ජීවිත කිහිපයක්ම අහිමි වූ අතර මාස නවයක් වයසැති ළදරුවකුද තුවාල ලැබුවා.

ඔහුගේ සෞඛ්‍ය තත්වය මේවන විට යහපත් තත්වයේ පසුවන බවටයි එරට රෝහල් බලධාරීන් පවසා තිබෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් එම ළදරුවාගේ මව ජීවිතක්ෂයට පත්වුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka