gossip lanka

වාහන සිහිනය දකින අයට අවුරුද්දේ නව බලාපොරොත්තුවක්! වසර කිහිපයකට පසු වෙන්න යන දේ මෙන්න

අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ  ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය පවසනවා.

විශේෂ කමිටුවක් පත්කර ඒ ප්‍රමුඛතාව සම්බන්ධයෙන් කරුණු සොයා බලාගෙන යන බවයි ඔහු සඳහන් කරන්නේ.

සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750 ක් සහ බස් රථ 250ක් ගෙන ඒමට අවස්ථාව දුන් බවද ඔහු සදහන් කරනවා.

ලංකාවේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා යන තැනට ගෙනවිත් ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මහ බැංකුව දේශීය වෙළඳපොළෙන් මුදල් මිලදී ගැනීමෙන් මේ තත්වයට පැමිණි බවද ප්‍රකාශ කළේය.

සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් හතක් දක්වා ඉලක්කයකට ගෙන ආ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
gossip lanka