gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්තිමට ටීචරුත් පව් ළමයිත් පව්! සෝශල් මීඩියාවල 'වයිරල්' වුණු, රටම කැළඹූ වීඩියෝවේ ඇත්තම කතාව

'කුඩා දරුවෙකු' පන්ති කාමරයක දී හඬා වැටෙන එක්තරා වීඩියෝවක් මේ වන විට 'සමාජ මාධ්‍යයේ' අතිශය කතාබහට ලක්වනවා.

මෙම වීඩියෝවේ අදාළ දරුවා 'සිදුහත් කුමරු' සම්බන්ධයෙන් ඇසූ පැනයක ට පිළිතුරු දීමේ දී යම් 'අපහසුතාවය'ට පත් වන අයුරු ද දැක ගත හැකියි.

කෙසේ වෙතත්, අදාළ වීඩියෝව රූගත කළ හෝ මුදා හළ 'පුද්ගලයින්' නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් බොහෝ දෙනෙක් මෙම 'වීඩියෝව' සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.

කෙසේ වෙතත්, 'අධ්‍යාපන අමාතංශය' සඳහන් කර ඇත්තේ මෙම වීඩියෝව රූගත කළේ 'කවුරුන්දැයි' යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බවයි.

එසේ සිදු කර ඇත්තේ 'ගුරුවරයෙක්' හෝ 'ගුරුවරියක්' නම් ඊට එරෙහි විනය ක්‍රියාමාර්ග ගනු ලබන බැව් ද අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

මේ අතර, මෙම 'ආන්දෝලනාත්මක සිදුවීම' සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවිධ 'පළකිරීම්' සිදුකර ඇති අතර, ඇහැ ගැටුණු එවැනි පළකිරීම් කිහිපයක් පහතින් බලන්න...

'මම ශිෂ්‍යත්වෙ පාස්වෙල කොළඹ එන්නෙ හද්ද පිටිසර ඉස්කෝලෙක ඉදන් - ඒ එද්දි මගේ ඉංග්‍රීසි දැනුම සීරෝ - බිංදුවයි - හේතුව ගමේ ඉස්කෝලෙකට ඉංග්‍රීසි ගුරුවරයෙක් නොසිටීම සහ කුහක බන්ඩාරණායක ගොයියට පිංසිද්ද වෙන්න ගම්බද මිනිස්සු ඉංග්‍රීසි භාෂාව පර භාෂාවක් හැටියට නොසලකා හැරීම --'

'හයේ පංතියේ ඉංග්‍රීසි විශය ඉගැන්නුවේ සුරංගනී මිස් - ඉස්කෝලෙ හිටපු ලස්සනම ටීචර් ( සාමාන්‍යෙයන් ගොඩාක් ඉස්කෝලවල ඉංග්‍රීසි ගුරුවරියො ලස්සනයි ) - ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ දැනුම පරීක්ෂා කරන්න මිස් ළමයිගෙන් ප්‍රශ්න අහන් එනවා - මගෙන් ඇහුවෙ අවුරුද්දෙ මාස දොලහ - මම බිම බලාගෙන ජනුවර ෆෙබුරුවරි ගගා මිස්ගෙ මූන දිහා බලාන කොට මිස් සිරාවටම ලස්සන නිල් පාට ඇස් දෙක දෙසැරයක් පියෙව්වා - ඒක මට අදටත් මතකයි - මිස්ගෙ ඇස්වල තියෙන්න ඇත්තෙ අනුකම්පාවක් - මොකුත් නොකියා මිස් ඊළග ළමය දිහාට හැරුනා -'

'මං ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ පංති ගිහින් - ඊලගට අපේ බොස්ගෙ උපදෙස් මත ඩේලි නිව්ස් එකේ ක්‍රීඩා පිටුව කියවල- ඒකේ එල්මෝ වගේ නමක් තියෙන කෙනෙක් ක්‍රිකට් මැච් ගැන ලස්සන ආර්ටිකල් එකක් ලියනවා - ඊළගට ගෙවල් ලග ලන්සි මැඩම් කෙනෙක් හිටියා - එහේ පංති ගිහින් - ඒ ලන්සි මැඩම් අපිට කතා කරන්න කියල වැරදි හරි ගස්සනවා - ඊලගට ක්‍රිකට් කමෙන්ට්‍රි අහලා --'

'අදටත් මං ක්‍රිකට් කමෙන්ට්‍රි හයියෙන් දාන් මැච් බලන්නෙ - අදටත් මං මැච් බලන්න ආස ම තනියම - ඒ අලුතින් එක වචනයක් හරි ඒකෙන් ඉගෙන ගන්න පුඵවන් නිසා -ඉතින් අපිට වැරදිච්ච , වීඩියෝ කරලා දැමීමේ තාක්ෂණය එදා තිබිලා ඒවා වීඩියෝ වුනානම් ---- නැත්නම් ---- (ටෙලිනාට්‍ය) වගේ දිගු වීඩියෝ දාන්න තිබුනා --'

'කතාව මේකයි - ළමයෙක් ඉස්කෝලෙ යන්නෙ ඉගෙන ගන්න - ඉගෙන ගන්න යන්නෙ තමන් කිසිවක් නොදන්න නිසා - ඉතින් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ නොදන්නව කියන්නෙ ඒක විඩියෝ කරල සමාජෙට දාන්න ඕනෙ දෙයක් නෙමෙයි - ඔන්න හාමුදුරු නමක් සිදුහත් කුමාරය ඉපදිච්චි තැන දන්නෑ කිව්වනම් වීඩියෝ කරල අට පට්ටමේ දැම්මත් කමක් නෑ - දැන් ඉතින් ටීවර් කළාප කාර්යාල ගානෙ ගාටන්න එපායැ - අන්තිමට ටීචරුත් පව් ළමයිත් පව් -- දෙන්නම පව් -

මොනව වුනත් මේව කාට කාටත් හොද පාඩම් - ප.ලි.. සමාජ මාධ්‍ය පරිස්සමින් භාවිතා කරන්න!! - කඳුළු ගංතෙර'

'එක පාරක් ( මට මතක විදිහට ) ඇල්බට් අයින්ස්ටයින්ගෙන් කෙනෙක් අහනවා ආලෝකයේ වේගය කීයද කියලා.. අයින්ස්ටයින් කියනවා මට මතක නෑ කියලා.. ප්‍රශ්නෙ අහපු කෙනා පුදුම වෙලා!! "ඔබ ඔය තරම් බුද්ධිමත් අයින්ස්ටයින් වෙලාත් ආලෝකයේ වේගය කොච්චරද කියලා මතක නෑනේ.. " කියලා කියනවා.. ඒකට පිලිතුරු විදිහට අයින්ස්ටයින් කියනවා.."පොතකින් හොයාගන්න පුලුවන් දෙයක් මතක තියාගෙන ඉන්න මගේ මොලේ ඉඩ මම වෙන් කරන්නෙ නෑ.. මම මගේ මොලේ ඉඩ වෙන් කරන්නෙ අලුතෙන් දේවල් හිතන්න.. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්න ඕනෙ දේවල් ගොඩනගාගන්න කියලා.....'

'ඒක නිසා මම හිතන්නෙ සිද්ධාර්ථ ඉපදුනේ කොහෙද කියන එක ළමයෙක් මතක තියාගන්න ඕන නෑ .. ඒවා පොතකින් හොයාගන්න පුලුවන් ඕනෙ නම්...ලමයින්ගෙ මනස ඉතිහාසයයි ආගමික කතායි පුරවලා උන්ගෙ හිතන්න තියන මනස විනාස කරන්නෙ නැතුව ඒ මනස නිදහසේ හිස්ව තියෙන්න ඇරියානම් තමා හිතලා දෙයක් කරන්ඩ පුලුවන් දක්ශයො බුද්ධිමතුන් බිහි වෙන්නෙ හෙට දවසට.. - ධනුෂ්ක කාංචන ජයවීර'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka