gossip lanka

'මම ජාඇළ ගාමන්ට් එකේ වැඩ අයියේ, අනේ අයියේ හෙට උදේ එන්නකෝ, අපි හම්බෙමුකෝ.....': ඝාතනය වූ හිමියන් කිහිප වතාවක්ම 'ඩුබායි' ගිහිල්ලා කරපු කියපු දේවල්!

ගංගාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි 'ඝාතනයේ' බො‌හෝ තොරතුරු රැසක් මේ වන විට 'අනාවරණය' වී තිබෙනවා.

මේ වන විට එම ප්‍රහාහරයට සෘජුව සම්බන්ධ වූ 'පුද්ගලයින් දෙදෙනෙක්' ඇතුළු අනුබල දුන් තවත් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බැව් සඳහන්.

පසුගිය 23 වැනිදා දහවල් ළා දම් පැහැ 'හොන්ඩා ෆිට්' වර්ගයේ මෝටර් රියක ආ සිව් දෙනෙක් ගිනි අවි දෙකක් ද සමඟ 'කහටාන' විහාරස්ථානයට කඩා වැදී තිබුණා.

'හඳහන් බලන, සාස්තර කියන හාමුදුරුවෝ' හමුවීමට අවැසි බැව් කියූ ඔවුන් එහි වැඩ සිටි හිමිවරුන් ට පවසා ඇත්තේ 'අපි සීඅයිඩී එකෙන්' බවයි. එසේ කී ඔවුන් හිමිවරුන් සෝදිසි කිරීමක් ද කර තිබුණා.

'මේ මොකද අපේ ලොකු හාමුදුරුවන්ගේ ඉණ අත ගාන්නෙ. ඇයි මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන්නෙ...???'

'ධම්මරතන හිමියන්' එලෙස පැවසීමත් සමඟ උන්වහන්සේව කාමරයට ඇදගෙන ගිය ඔවුන් කාමරය අවුස්සා එහි තිබූ 'වටිනා මැණිකක්' සොරාගෙන තිබෙනවා.

උන්වහන්සේ වෙඩි ප්‍රහාරයට ලක්වන්නෙ ඉන් අනතුරුවයි.

පොලිස් නිලධාරින් මෙම 'ඝාතන සිද්ධියෙන්' අනතුරුව සීසීටීවී දර්ශන කිහිපයක් නිරීක්ෂණය කළ අතර, ඒ ඔස්සේ 'කරුණු කාරණා' ගණනාවක් අනාවරණය කරගැනීමට ඔවුන් සමත් ව තිබුණා. (ඔවුන් පැමිණි මේ හොන්ඩා රථය පසුව සම්පූර්ණයෙන් ම ගිනිබත් කොට තිබුණා...)

පසුවි 'විමර්ශකයින්' පුද්ගලයින් සිවු දෙනෙක් මෙම ඝාතන සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රථය පැදවූ 'රියදුරු'ද ඒ අතර වුණා.

ඔවුන් සඳහන් කර ඇත්තේ 'වටිනා මැණිකක් ලබා ගැනීමේ අරමුණින් තමා ඇතුළු සඟයින්' විහාරස්ථානයට කඩා වැදුනු බවයි.

ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක 'අපරාධකරුවන් දෙදෙනෙක්'ගේ උපදෙස් මත මෙම අපරාධය සිදු කළ බවයි. (අවශ්‍ය වුවහොත් හිමියන් ඝාතනය කරන ලෙසද ඩුබායි රාජ්‍යයෙන් ඔවුන්ට උපදෙස් ලැබී තිබුණා...)

කෙසේ වෙතත්, රියදුරුගේ 'දුරකතනය' සූක්ෂමව පරික්ෂා කළ 'විමර්ශන නිලධාරින්' එක්තරා අංකයක් පසුපස ලුහුබැඳ ගියා.

ඔවුන් 'නිලධාරිනියක්' ලවා එම අංකයට ඇමතුමක් ගෙන තිබුණා.

'අයියේ මට මේ ඔයාගේ නම්බරේ දුන්නේ..... මම ජාඇළ ගාමන්ට් එකක වැඩ කරන්නෙ.. අයියේ දන් නැද්ද අහල පහළ බෝඩිමක්...'

මෙම ඇමතුමින් අනෙක් පස සිටි 'පුදගලයා' කලබලයට පත්ව ඇති බැව් සඳහන්.

'මොකක්??? ඔයාට කවුද මගේ නොම්මරේ දුන්නේ...??? ඔයා කවුද???'

කෙසේ හෝ වේවා නිලධාරිනියගේ 'චාටු වදන්'වලට රැවටුණු මෙම පුද්ගලයා ඇයව හමුවීමට පැමිණ ඇත්තෙ ඇය හා 'යහන්ගත' වීමේ අරමුණ ද ඇතිවයි.

'අනේ අයියේ.. හෙට විතරයි මට නිවාඩු ඔයාට හෙට උදේ ජාඇළට එන්න පුළුවන්ද???'

කෙසේ වෙතත්, ජාඇළ හන්දිය අස‍ළදී සිවිල් ඇඳුම් ඇඟලාගත් 'පොලිස් නිලධාරින්' ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය දීර්ඝ ලෙස සිදු කළ 'ප්‍රශ්න කිරීම්' වලින් අනතුරුව හෙළි වූයේ හිමි ඝාතනය සඳහා පැමිණි හතරදෙනාගේ මොහු ද එක් අයෙකු බවයි.

ඔහුගේ තොරතුරු මත 'තුවක්කුරුද' සොයා ගිය නමුත් පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ඔහුගේ අනියම් බිරිය පමණ යි. (ඇය ද ගැබිනියක්..)

මේ වන විට ඔවුන් 'කොල්ල කෑ මැණික' ඩුබායි රාජ්‍යයේ රැඳි සිටින දෙදෙනෙකු අතට පත් ව ඇති බැව් ද පොලිසිය සඳහන් කරනවා.

මෙම කොල්ල කන මැණික විකුණා ලැබෙන මුදල 'හතර දෙනාට' සම සමව බෙදන බවට ද ඩුබායි හි පිරිස් මොවුන්ට සහතික වී තිබෙනවා.

ගුරුකම්වලට නම් දරා සිටි ධම්මරතන හිමියන් ඩුබායි රාජ්‍යයේ රැඳි සිටින පිරිසට ද 'ගුරුකම්' කටයුතු කර දීම සඳහා කිහිප වතාවක්ම ඩුබයි වෙත ගොස් ඇති අතර, උන්වහන්සේ විසින් 'ඉපැයූ' මුලක් ලක්ෂ ගණනක් උන්වහන්සේගේ සමීපතමයෙකුගේ ගිණුමකට 'ස්ථාවර තැන්පතු' ලෙස දමා ඇති බවට හෙළි වී තිබෙනවා.

කීර්ති මෙන්ඩිස් විසින් 'මව්බිම'ට ලියූ ලිපියක් ඇසුරිනි.
gossip lanka