සමහර ආදර කතා හරි වෙනස්.. එක එක ආදර සම්බන්ධතාවලට එක එක විදිහේ නිර්වචන දෙන්න පුළුවන්..
ඒත් ඒවගේ සම්බන්ධතා නිසා මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්..
ඕමානයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණි කාන්තාවක් රවටා ඇය සතු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා...
සැකකරු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇය හා සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ...
මීට වසර දෙකකට පෙර ඕමානයේ ගෘහ සේවයට ගොස් තිබුණු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ මෙම පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා..
තමන් යුද හමුදා සාමාජිකයකු බව කියමින් මෙම කාන්තාව හා සම්බන්ධතාව පවත්වාගෙන ගොස් අතර මෙම පුද්ගලයා පසුගියදා රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ එම කාන්තාව රැගෙන යාමටයි...
පසුව මෙම කාන්තාව සමගින් කොළඹට පැමිණි මෙම පුද්ගලයා ඇයගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ද රැගෙන ඇය මහනුවර ප්‍රදේශයට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා..
තමන්ට යුද හමුදා කඳවුරට යා යුතු බව කියමින් මෙම කාන්තාවව ගල්ගමුව ප්‍රදේශයට කැටුව විත් කිසියම් බීමක් ලබාදී ඇය සිහිසුන්කර රුපියල් ලක්ෂ හතහමාරක මුදලක්ද, රන් මාලයක් හා අත්පඳනා දෙකක්ද ජංගම දුරකතන දෙකක්ද රැගෙන පලා ගොස් තිබෙනවා..