gossip lanka

“මට ප්‍රේක්ෂකයෝ නැහැ – මට ඉන්නේ යාළුවෝ ” – ජනප්‍රිය නළු රන්දික ගුණතිලක දැන් කියන කතාව

තරු ගුණයට වඩා දක්ෂතාවය රංගන ශිල්පියෙක් බබළවන්න හේතු වන බව ප්‍රේක්ෂකයාට පසක් වන සමයකි.

නළුවන්ගේ පෙනුමට වඩා රංගන හැකියාව අගයන්න ප්‍රේක්ෂකයන් නැඹුරුවන කාලයකි.

නව පරපුරේ රංගන ශිල්පීන් අතර හැකියාව සහ දක්ෂතාවය නිසා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි රන්දික ගුණතිලක.

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන නිවන්ත ප්‍රසාරගේ අධ්‍යක්ෂණයක් වන “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔහුය.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ලලයි ලිලයි ලයි නාට්‍යයේ ද රන්දිකගේ චරිතයට හැමෝටම ගොඩක් ආදරේ කරනවා.

රන්දික එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් අදහස් දක්වමින් සඳහන් කළේ තමා ටෙලිවිෂන් නළුවෙකු බවත් තමාව ගේ මද සිට නරඹන අයට ගැප් එකක් නැවතී බවයි.

ඔවුන් තමන්ගේ කරට අත දමාගෙන කතා කරන බවත් ඒ තමන්ගේ සහෘදයන් බවත් ඔහු සඳහන් කර සිටියා.
gossip lanka