gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජකීයෝ ගේට්ටු පෙරලාගෙන මියුසියස්ට කඩා වදිති... බාලිකාවියන් අත්පුඩි ගසමින් පිලිගනිති (VIDEO)

කොළඹ 07 මියුසියස් විද්‍යාලයේ ගේට්ටුව බිඳ එම විද්‍යාලයට ඇතුළු වූ කොළඹ රාජකීය විදුහලේ සිසුහු පිරිසක් විද්‍යාල පරිශ්‍රයේදී අනවසර සන්දර්ශනයක් ඊයේ සිදුකළහ.

කොළඹ රාජකීය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පවතින වාර්ෂික ක්‍රිකට් ගැටුම හා රාජකීය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හේතුවෙන් රාජකීය සිසුන් ඊයේ පුහුණුවීම්වලට යොදවා තිබිණි.

එලෙස පුහුණුවීම් සඳහා එක්වූ සිසුන් පන්සියයකට වැඩි පිරිසක් ඊයේ දහවල් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි මියුසියස් බාලිකා විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය කළ දැනුම්දීම මත කුරුඳුවත්ත පොලිසියද විද්‍යාලයේ ආරක්ෂාවට යොදවනු ලැබීය.

මෙම සිසුන් අවස්ථා කිහිපයකදීම පොලිසිය හා ගැටී මියුසියස් විද්‍යාලයේ තාප්පයෙන් පැනීමටත්, ගේට්ටුව තල්ලු කිරීමටත් උත්සාහ දැරූ අතර, පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් යොදා එම තත්ත්වය පාලනය කරගෙන තිබිණි.

මේ අනුව විද්‍යාලයේ ඉදිරිපිටට එක් රොක්වී සිසුන් පොලිස් බාධකයද නොතකා විද්‍යාලයේ තාප්පය හා ගේට්ටුව අසලට පැමිණ තිබුණු අතර සිසුන් කිහිපදෙනකු තාප්පයෙන් විදුහලට ඇතුළු වී විදුහලේ ගේට්ටුව විවර කර තිබිණි. පසුව සියලුම රාජකීය සිසුන් මියුසියස් බාලිකා විදුහලේ පිහිනුම් තටාකය අසලට රොක් වී රාජකීයන්ගේ නාමය උස් හඬින් ආමන්ත්‍රණය කරමින් විසිර ගොස් තිබිණි. මෙම අවස්ථාවේ මියුසියස් විදුහලේ ගුරුවරියන් සහ සිසුවියන්ද අත්පොළසන් නගන ආකාරයද දැක ගත හැකිවිය. මේ අතර පොලිසිය රාජකාරි කරමින් සිටින අතරතුර ප්‍රබල ඇමැතිවරයකුගේ පුතකු කුරුඳුවත්ත වැඩබලන ස්ථානාධිපතිවරයාට පියාගෙන් ඇමැතුමක් යැයි කියමින් දුරකතනය ලබාදීමට උත්සාහ කළ අතර ස්ථානාධිපතිවරයා එම දුරකතනය ලබාගැනීම ප්‍රතික්ෂේප කරනුද දක්නට ලැබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka