gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්නපුර උසාවිය ළගදී පහකට ඇසිඩ් ගසති – රිය අනතුරකට පළි ගැනීමකට පියෙක් කළ වැඩක්!

රත්නපුර මහාධිකරණය අසලදී ඊයේ (6 දා) උදේ 9.00 ට පමණ පුද්ගලයකු විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් 5 දෙනකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රත්නපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්වී තිබුණේ රිය අනතුරකට අදාළ නඩු කටයුත්තකට යමින් සිටි සැකකරුවකු, ඔහුගේ බිරිඳ, මිතුරකු සහ මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකි.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව සිටින එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද පොලිසිය කියයි.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ එක් අයකු 2023.04.23 වැනිදා රත්නපුර සමන් දේවාලය අසල සිදුවූ මාරක රිය අනතුරක ප්‍රධාන වගඋත්තරකරුවකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. එහිදී ඔහු පදවන ලද මෝටර් රථය යතුරුපැදියක ගැටී ඇති අතර යතුරුපැදිකරු මියගොස් තිබේ.

ඒ සම්බන්ධව නඩුව ඊයේ අධිකරණයේ විභාග වීමට නියමිතව තිබිණි. ඒ අනුව එම නඩුව සඳහා සැකකාර මෝටර් රථ රියැදුරා සිය බිරිඳ හා මිතුරකු සමග පැමිණෙමින් සිටියදී අදාළ තරුණයාගේ (යතුරුපැදිකරු) පියා විසින් මඟ රැක සිට පැමිණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳ රත්නපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka