ඇය නමින් ලක්මිණි බෝගමුව.
කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යක්.
1997 වර්ෂයේ උපන් ලක්මිණි ගිය වසරේ පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි සම්මාන දෙකක් සහ ශිෂ්‍යත්වයක් ලබාගෙන තිබුණේ ඉහළම ලකුණු ලබා ගනිමින්.
පසුව ඇය ඇගේ සුවිශේෂි දක්ෂතා නිසාම එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස තේරි පත් වනවා.
ලක්මිණි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වනවා.
රූපයෙන් වගේම උගත්කමින් ඉහල ලක්මිණිට පසුගිය දිනක අවාසනාවන්ත ඉරණමක් අත් වුණේ ඇයවත් කිඓදු කෙනෙකු නොස්තූ ආකාරයෙන්.
මෙම සිදුවීම අපි ඔබට මින් පෙර වාර්තා කලා. මාර්ගය මාරු වීමට උත්සාහ කිරීමේදි ඇය ලොරි රථයක වැදී රෝහල් ගත කර තිබුණා.
ඇයවත් නොසිතූ ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස ඇයගේ මොළයට සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතුළු අනතුරු හේතුවෙන් ඇය මීට දිනකට පෙර සදටහම මෙලොවින් සමුගෙන තිබුණා.
ලක්මිණි පසුගිය දිනෙක රැකියාවට යාම සඳහා වික්‍රමසිංහපුර දෙසට සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරු වීමට යාමේ දී බත්තරමුල්ල – පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී තිබෙනවා.
එම අවස්ථාවේ දීම ආසන්නයේ ම පිහිටි පෞද්ගලික රෝහලකට ඈ ඇතුළත් කර අනතුරුව කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා තිබුණා.
එසේ වුවත් ඇය නොසිතූ ලෙස ජීවිතයට සමු ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.
මතකයේ නොමියෙන රෝස මල නික්ම ගොස් මසක් පිරුණු ඇය වෙනුවෙන් ඇගේ හද දිනූ ඔහු තැබූ සංවේදී සටහනකි.
”කනත්තේ මුරකරුගේ පාඩම
අද මාර්තු 18 වැනිදා..
නංගි නැතිවෙලා අදට හරියටම මාසයක්.
කාර්යබහුල දවසක ආරම්භය නිසාම උදේම සුදු ඇඳුමකින් සැරසිලා ඉටිපන්දම්, මල් අරගෙන මම තලවතුගොඩ කනත්තට ගියේ නංගිව බලලා පොඩ්ඩක් කතාකරලා එන්න.
බැලූ බැල්මට කනත්තක් බව පෙනී නොයන ආකාරයේ සුන්දරත්වයක් ඇති එහි නංගිව භූමදානය කළේ ඉහළම තැනක.
මම එතනට යනවා කිහිපවිටක් බලාගෙන හිටපු කනත්තේ මුරකරු වහ වහා කමිසයක් ඇඳගෙන අද මාත් එක්කම වගේ පස්සෙන් ආවා.
මම – ගුඩ් මෝනින් අයියේ! අදට මාසයක්නේ නංගිව බලන්න ආවා.
රැගෙන ආ ඉටිපන්දම් එකිනෙක දණින් වැටී දල්වන ආකාරය දෙස බලාහිඳිමින් ඔහු මා සමඟ බොහෝ දේ කතාකළේ අපේ කතාව හොඳින් දැන කියාගෙන ඇති නිසා බව මට වැටහුණා.
මුරකරු – මහත්තයා කතෝලිකද?
මම – නැහැ මම බෞද්ධ. ඇයි එහෙම ඇහුවේ?
මුරකරු – එහෙනම් මහත්තයා ආයේ ඔය දේ කරන්න එපා. මහත්තයා ඇවිත් මෙතන දුක්වෙනවා කියන්නේ නංගිට හොඳ තැනකට යන්න එහෙම නැත්නම් ඉන්න තැනක හොඳින් ඉන්න ඒක බාධාවක් වෙනවනේ. අනික මහත්තයා නංගි මෙතන නැහැ මෙතන දැන් තියෙන්නේ දිරන මළ සිරුරක් විතරයි.
මම – ඔව් ඒක හරි, ඒත් අදට මාසයක් මට එන්නම ඕනේ වුණා.
මුරකරු – මහත්තයා ඒකට පින් කරන්න. හැබැයි මහත්තයා මෙහෙමයි අපිට කවුරු වෙනුවෙන්වත් පින් කරන්නවත් පව් කරන්නවත් බැහැ. අපිට පුළුවන් අපි වෙනුවෙන් පින් හෝ පව් රැස්කරගන්න විතරයි. ඒත් අපේ විශ්වාසයක් තියෙනවා පින් අනුමෝදන් කරන්න අපිට පුළුවන් කියලා ඒ නිසා එහෙම කරන්න.
මම – ඔව් ඊයෙත් මම යාලුවෝ එක්ක එකතුවෙලා විසිපස් නමකට දානයක් දුන්නා.
මුරකරු – බොහෝම හොඳයි මහත්තයා ඒවා තමයි කරන්න ඕනේ. මම හිතන්නේ නංගිට අන්තිම මොහොතේ මතක්වෙන්න ඇත්තේ එයාගේ අම්මවයි තාත්තාවයි. මහත්තයාට නංගි වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ නම් මහත්තයා කරන්න ඕනේ ඒ දෙන්නා වෙනුවෙන් කරන්න තියෙන දේ කරන එක. දැන් මහත්තයා මෙතනින් යන්න ආයේ මෙහේ එන්න එපා.