gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේ ඝාතන චෝදනා ලැබූ තරුණයාගේ YouTube නාලිකාව තහනම් කරයි

කැනඩාවේ ඔටාවාහි මිනීමැරුම් 06කට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණයාගේ ‘යූටියුබ්’ (YouTube) නාලිකාව තහනම් කිරීමට Google ආයතනය කටයුතු කර ඇත.

මාර්තු 06 වැනිදා ඔටාවා ප්‍රාන්තයේ බැර්හැවන් ප්‍රදේශයේදී සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවා අද (මාර්තු 14) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එවකට වින්දිතයන් සමඟ ජීවත් වූ ෆෙබ්‍රියෝ ද සොයිසා මේ වන විට ඔටාවා හි ඉනස් බන්ධනාගාරයේ රඳවා සිටින අතර, පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට මුහුණ දී සිටී.

තරුණයා ‘Minecraft’ නම් වීඩියෝ ක්‍රීඩාවේ වීඩියෝ YouTube හි පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන බව වාර්තා වේ.

කෙසේවෙතත්, YouTube පරිශීලකයකුගේ මෙම නාලිකාව හේතුවෙන් පිටත සමාජයේ හානියක් සිදුකරනු ඇතැයි යන උපකල්පනය මත Google ආයතනය මෙලෙස ඔහුගේ නාලිකාව අවසන් කිරීමට පියවර ගෙන ඇත.

අපරාධ නීති විශාරදයන් පවසන පරිදි මෙම නඩුව අධිකරණ පද්ධතිය හරහා ක්‍රියාත්මකවීමට වසර දෙක තුනක් ගතවිය හැකි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka